saravita-anim2

2026 ජුනි මස 10 වන බදාදා

2026 ජුනි මස 10 වන බදාදා

Sports - timelapse 6 hours ago

LATEST

තෙවැනි තරගයත් වැස්සට හේදෙයි, එක්දින තරගාවලියේ ජය ලංකාවට

calendar_today 2026 ජුනි 09 - 07:35 remove_red_eye - 159  

සත්කාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ තෙවැනි හා අවසන් එක්දින තරගයද වර්ෂාව හේතුවෙන් අත්හැර දැමිමට සිදුවිය. තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව ජයගත්තේය.

නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත, එක්දින, විස්සයි20 හා ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කිරිමට ජාතික කණ්ඩායම ලබන වසරේදී නවසීලන්තයේ සංචාරය කිරිමට නියමිතය. මෙම තරගාවලිය එක්දින තරග තුනක්, විස්සයි 20 තරග තුනක් හා ටෙස්ට් තරග දෙකකින් සමන්විත වෙයි. තරගාවලිය ලබන වසරේ ජනවාරි හා පෙබරවාරි යන මාසවල පැවැත්වීමට නියමිතය.

Read More

සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී පසුගිය වසරේ ඉන්දියාවේ කළ සංචාරයේදී විවෘත කරනු ලැබූ ඔහුගේ රුව රැගත් යෝධ ප්‍රතිමාව ඉවත් කිරීමට තීරණය කර තිබේ. ඒම ප්‍රතිමාව ඟසුළට සෙළවීම හේතුවෙන් ආරක්ෂිත පියවරක් වශයෙන් කල්කටාවේ ජනාකීර්ණ ප්‍ර දේශයක තිබෙන මෙම පිළිතුරුව ඉවත් කිරීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකා රග්බි ‘3වන කාණ්ඩයේ’ ජාතික සංචිතයට අලුතින් එක් වූ ක්‍රීඩකයින් වෙනුවෙන් දීමනා ප්‍රදානය කිරීම සහ ’’මිෂන් ඔලිම්පික්’’ වැඩසටහනට ඇතුළත් කර ගැනීම ඊයේ (26දා) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිදු කෙරුණි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩයම අතර කොදෙව් දූපත්හි පැවැත්විමට නියමිත ටෙස්ට්, ඒක්දින හා විස්සයි 20 තරගාවලිය ඳසහා වෙනස්කම් රාශියකින් යුත් නව කණ්ඩායම් තුනක් නම්කර තිබේ.

Read More

ක්‍රිකට් ආයතනය තුළ පරිපාලනය ශක්තිමත් කිරීම හා බිම් මට්ටමේ ක්‍රිකට් දියුණු කිරීම යන අරමුණු දෙක මුල් කරගෙන ක්‍රිකට් පරිවර්තන කමිටුව කටයුතු කරන බව ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට්ක පරිවර්තන කමිටුවේ සභාපති ලෙස සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පත්කර තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ප්‍රමුඛ ක්‍රිකට් විධායක කමිටුව ඉල්ලා අස්වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ඔවුන් සිය ඉල්ලා අස්වීම ජනපති අනුර කුමාර දිසානායක මහතා හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර මහතා වෙත යොමුකර ඇති බවයි.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය T20 තරග මාලාවක් වන 2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය ජූලි 10 සිට අගෝස්තු 5 දක්වා පැවැත්වීමට නියමිතය.

Read More

ඇමෙරිකාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසාලනයට ඉරාන පාපන්දු කණ්ඩායම පැමිණෙනු ඇතැයි ෆිෆා සභාපති ඉන්ෆැන්ටිනෝ පවසයි.

Read More

ආබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග වෙනුවට ආදේශකයක් නම් කරන ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ ටොම් මූඩි බ්‍රහස්පතින්දා පැවසීය. මූඩි පැවසුවේ ’’ඉදිරි පැය 24 සිට 48 දක්වා කාලය තුළ’’ වනි දු වෙනුවට ආදේශක ක්‍රීඩකයෙක් නම් කරන බවයි.

Read More

බීමතින් රිය පැදවීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු හිටපු පිතිකරු ඩේවිඩ් වෝනර්ට චෝදනා එල්ල වී තිබේ. නැගෙනහිර සිඩ්නි හි අහඹු පරීක්ෂණයකින් පසු ධනාත්මක ප්‍රතිඵලයක් ලබා දීමෙන් පසු ඉරිදා 39 හැවිරිදි වෝනර් අත්අඩංගුවට ගත් බව නිව් සවුත් වේල්ස් පොලිසිය තහවුරු කළේය.

Read More

ජාතික ක්‍රීඩා පද්ධතිය තුළ ඉහළ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රඳවා තබාගැනීම සහ ජාත්‍යන්තර ජයග්‍රහණ සඳහා දිරිදීම අරමුණු කරගනිමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දිගුකාලීන රැකියා සුරක්ෂිතභාවය සහතික කිරීමට හැකි වන පරිදි රාජ්‍ය අංශයේ රැකියා ලබාදීමේ වැඩසටහනක් සැලසුම් කර ඇත.

Read More

නවසීලන්ත ’’ A ’’ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ පවත්වන එක් දින සහ සිව් දින තරග සංචාරයක් සදහා 04/03 දින කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

Read More

ඉරානයේ ක්‍රීඩා අමාත්‍යාංශය තම ජාතික කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ’’සතුරු රටවල’’ ක්‍රීඩා ඉසව්වලට සහභාගී වීම තහනම් කර ඇත.

Read More

ධර්මාශෝක විද්‍යාලයීය ආදි ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග 2004 වසරේ ලකුණු 169ක් ලබා මේ දක්වා සුනිල සංග්‍රාම ක්‍රිකට් තරගාවලය යට‌තේ වැඩිම ලකුණු ලාභියා ලෙස රැස්කර තිබූ වාර්තාව වසර 22 කට පසුව ධර්මාශෝක විද්‍යාලයේ චන්දූප කවීෂ ලකුණු 205ක් ලබාගනිමින් බිද හෙලුවේ උපුල් තරංග බලා සිටියදී වීම විශේෂයෙන්ම කැපී පෙනුනි.

Read More

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් මේ සතියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ආරම්භ වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්ථානය අතර සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව අත්හැර දමා තිබේ.

Read More

ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ සාමාජිකාවන් පස් දෙනෙකුට ඕස්ට්‍රේලියාවේ මානුෂීය වීසා ලබා දී ඇති බව කැන්බරා රජය පවසයි.

Read More

ලබන අප්‍රේල් 15 වන දින සිට බලපැවැත්වෙන පරිදි, ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ගැරී කර්ස්ටන් පත් කර තිබේ.

Read More

විස්සයි20 ලෝක කුසාලන තරගාවලියේ අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායකයා මුලින්ම පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කළේය.

Read More

ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩික ජේමි සිඩ්න්ස් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

Read More

පුහුණුකරුවෙක් ලෙස තම කොන්ත්‍රාත්තුව මේ වසරේ ජුලි මස දක්වා ඇති බවත් පුහුණුකරු ධුරය සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා කළ යුුතුව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා පවසයි.

Read More

එකම දේ යළි යළිත් කර වෙනස් ප්‍රතිඵල අපේක්ෂා කළ නොහැකි බව ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් පවසයි. ක්‍රිකට් ක්‍රීඩාව වේගයෙන් පරිවර්තනය වෙමින් පවතින බවත් එයට ශ්‍රී ලංකාව අනුවර්තනය වී නොමැති බවත් ඔහු පවසයි. ඇතිව තිබෙන ගැටලුව නිවැරදි කර ගැනීමට නම් සෑම මට්මකින් කළ යුතු වැඩ බොහෝ ඇති බව ඔහු පවසයි.

Read More

යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු ඉදිරියට කරගෙන යන බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙම කරුණ සඳහන් කළේය.

Read More

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසිලන්ත කණ්ඩායම අතර තරගය අද පස්වරු 7.00ට කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදි පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ සුපිරි අට වටයේ තවත් තරගයක් වන බටහිර ඉන්දය කොදෙව් කණ්ඩායම හා මෙවර පෙරළිකාර කණ්ඩායමක් බවට පත්ව ඇති සිම්බාබ්වේ කණ්ඩායම අතර තරගය අද පස්වරු 7.00ට ඉන්දියාවේ වන්කඩේ ක්‍රිඩාංගණයේදී පැවැත්විමට නියමිතව තිබේ.

Read More

සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු තරගය ලකුණු 51කින් පරාජයට පත්විය. එංගලන්ත කණ්ඩායම ලබාදුන් ලකුණු 146ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කළ හකිවූයේ ලකුණු 95ක් පමණි.

Read More

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර සුපිරි අට දෙනාගේ වටයේ පැවැත්වෙන තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 146ට සිමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ තවත් තරගයක් අද පස්වරු 3.00ට නුවර පල්ලෙකැලේ පිටියේදී පැවැත්විමට නියමිතය. සුපිරි අට දෙනාගේ වටයේ ආරම්භ කරමින් නවසීලන්ත කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර කොළඹ ආර. ප්‍රේමදාස පිටියේ ඊයේ පැවැත්විමට නියමිතව තිබූ තරගයද වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය.

Read More

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටය ආරම්භ කරමින් පාකිස්තාන කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.