බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්රීඩා කරන ශ්රී ලංකා කණ්ඩායම කඩුලු පහක් දැවී ලකුණු 338ක් රැස් කිරිමට සමත්විය. මෙහිදි සිය තෙවැනි ටෙස්ට් තරගයට ක්රීඩා කළ ළහිර උදාර අගනා ලකුණු188ක් රැස් කිරිමට සමත්විය. ඔහුගේ ඉනිමට හතරේ පහර 21ක් හා හයේ පහර පහක් ඇතුළත්වූ අතර පන්දු 248ට ඔහු මුහුණ දුන්නේය. ශ්රී ලංකා ඉනිමේ මුල් කඩුල් දෙක ලකුණු 25ක් තුළ දැවි ගියත් කමිඳු මෙන්ඩිස් (88 )හා ළහිරු උදාර තෙවැනි කඩුල්ලට ලකුණු 215ක සාර්ථක සබඳතාවක් පිහිටුවිමට සමත්විය. කුසල් මෙන්ඩිස් හා සොනාල් දිනූෂ නොදැවී පිටියේ රැදී සිටිති.