saravita-anim2

2026 සැප්තැම්බර් මස 21 වන සඳුදා

2026 සැප්තැම්බර් මස 21 වන සඳුදා

Sports - timelapse 311 hours ago

LATEST

නෝර්වේ පරදවමින් එංගලන්තය අවසන් පූර්ව තරගයට

calendar_today 2026 ජුලි 12 - 09:31 remove_red_eye - 289  

නෝර්වේ කණ්ඩායමට එරෙහව ගෝල 2-1ක් ජයක් ලබාගත් නෝර්වේ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයට පිවිසීමට සමත්වූයේය. එංගලන්ත කණ්ඩායමක් පාපන්දු ලෝක කුසලානයක අවසන් පූර්ව තරගයකට පිවිසෙන්නේ 2018 වසරෙන් පසුවය.

සත්කාරක එංගලන්ත කණ්ඩායම සමගින් පැවැත්වෙන විස්සයි20 තරගාවලියේ තෙවැනි තරගය ලකුණු 125කින් පරාජයට පත්වීමට ඉන්දියාවට සිදුවිය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 7ට ලකුණු 201ක් රැස් කළේය.

Read More

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ආජන්ටිනා කණ්ඩාම හා ඊජිප්තු කණ්ඩයම අතර පැවැති තරගය ගෝල 3-2ක් ලෙස ජය ගැනීමට ආජන්ටිනා කණ්ඩායම සමත්විය. තරගයේ මුල පටන්ම ඉදිරයෙන් සිටි ඊජිප්තුව 67 වැනි විනාඩිය වන විටත් ගෝල 2-0ක් ලෙසින් ආජන්ටිනාවට දැවැන්ත පීඩනයක් එල්ල කරමින් සිටියේය.

Read More

සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන්විය. ඒ් අනුව ටෙස්ට් තරගාවලියේ ජයද කොදෙව් කණ්ඩායම 1-0ක් ලෙස පරාජයට පත්විය.

Read More

ඇෆ්ගනිස්ථානයේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂාපූර් සාද්‍රන් ඔහුගේ 39 වන උපන්දිනයට දිනක් ඉතිරිව තිබියදී සිය දිවි ගමනින් සමුගෙන තිබේ. ඔහු සිය අවසන් මාස කිහිපය දිල්ලියේ රෝහලේ හිමොෆැගෝසයිටික්ලි ම්ෆොහිස්ටියෝසයිටෝසිස් (HLH) රෝගයෙන් පෙළීමෙන් පසු ඔහු මිය ගියේය.

Read More

ස්පාඤ්ඤය සමග පැවැති තරගය ගෝල 1-0ක් ලෙසින් පෘතුගාලය පරාජය වීමත් සමග පෘතුගාල කණ්ඩයමේ ලෝක කුසලාන ගමන අවසන් විය. ඒත් සමගම ලෝකයේ සුපිරි ක්‍රිඩකයෙක් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ අවසන් ලෝක කුසලාන තරගය බවටද මෙය පත්විය. රොනාල්ඩෝ මේ වන විට 41වැනි වියේ පසුවෙයි. තරගයේ පළමු විනාඩි 90 තුළ කිසිඳු කණ්ඩායමකට ගෝල රැස් කර ගැනිමට නොහැකි විය. කෙසේ වෙතත් අමතර කාලයේ පළමු විනාඩිය තුළ ස්පාඤ්ඤය වෙනුවෙන් මයිකල් මෙරිනෝ ගෝලයක් වාර්තා කිරිමත් සමගම පෘතුගාලයේ ගමන අවසන් විය.

Read More

පස්වරක් ලෝක ශූරයන් වූ බ්‍රසීල කණ්ඩායමට මෙවර ලෝක කුසලාන තරගාවලියේදී සුපිරි 16 දෙනාගේ වටයෙන් ඉවතට යාමට සිදුවිය. ඒ නෝර්වේ කණ්ඩායම සමගින් පැවැති තරගය ගෝල 2-1ක් ලෙස නෝර්වේ කණ්ඩායම ජය ගැනීමත් සමගිනි.

Read More

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසිමට ප්‍රංශය හ මොරොක්කෝව ඊයේ සමත්විය. ප්‍රංශය හා පැරගුවේ අතර පැවැති තරගය ගෝල 1-0ක් ලෙසින් ජය ගැනිමට ප්‍රංශය සමත්විය. ප්‍රංශය වෙනුවෙන් තරගයේ 70 වැනි විනාඩියේදි දඩුවම් පහරක් සාර්ථක කර ගැනිමට ඒම්බාප්පේ සමත්විය.

Read More

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු පහක් දැවී ලකුණු 338ක් රැස් කිරිමට සමත්විය. මෙහිදි සිය තෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ළහිර උදාර අගනා ලකුණු188ක් රැස් කිරිමට සමත්විය. ඔහුගේ ඉනිමට හතරේ පහර 21ක් හා හයේ පහර පහක් ඇතුළත්වූ අතර පන්දු 248ට ඔහු මුහුණ දුන්නේය. ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුල් දෙක ලකුණු 25ක් තුළ දැවි ගියත් කමිඳු මෙන්ඩිස් (88 )හා ළහිරු උදාර තෙවැනි කඩුල්ලට ලකුණු 215ක සාර්ථක

Read More

බට­හිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩා­යම දෙවැනි ටෙස්ට් තරගය අද (3) ඇන්ටි­ගු­වාවේ නෝර්ත් සවුන්ඩ්හි ශ්‍රීමත් විවි­යන් රිචඩ්ස් ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැත්වීමට නියමිතය.

Read More

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ නිලධාරී මඩුල්ල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් නිවේදනය කර තිබේ. මෙවර තරගාවලියේ විනිසුරු සහ තරග තීරක මඩුල්ල සඳහා දෙස් විදෙස් ප්‍රකට සහ ප්‍රවීණ නිලධාරීන් රැසක් ඇතුළත් කර තිබේ.

Read More

පන්දුවාර විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ස්කොට්ලන්ත කණ්ඩායම අතර පැවැති තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරිමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසිමට ශ්‍රී ලංකාවට දොරක් විවෘත වී තිබේ.

Read More

පෘතුගාල කණ්ඩායම හා උස්බෙගිස්තාන කණ්ඩයම අතර ලෝක කුසාලාන තරගාවලියේ පැවැති තරගයේදී ගෝල 5-0 ක ජයක් වාර්තා කිරිමට පෘතුගාල කණ්ඩායම සමත්වූයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ නම ඉදිරියේතවත් ලෝක වාර්තාවක් ලියා තබමිනි.

Read More

කටාර් හි දෝහා නුවර පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසිකිරීම අදියරේද ප්‍රථම ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත්විය. රුමේෂ් විසින් මීටර් 88.68ක දුරක් සටහන් කරමින් පළමු ස්ථානය දිනා ගැනීම කැපී පෙනේ

Read More

ජුනි සහ ජූලි මාසවල ඉන්දීය ජාතික කණ්ඩායම අයර්ලන්තයේ සහ එංගලන්තයේ සිදුකිරීමට නියමිත තරග සංචාරයට යොවුන් ක්‍රීඩක විභව් සූර්යවංශිද ඇතුළත් අතර ජාතික කණ්ඩායම සමගින් ඔහු කරන පළමු සංචාරයේදී සූර්යවං‌ශි‌ෙිිි දෙමාපියන්ද රැ‌ගෙන යාමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අවසර දී තිබේ.සංචාරයේ වියදම් BCCI විසින් දරනු ඇති බව මණ්ඩල ලේකම් දේවජිත් සයිකියා පැවසීය.

Read More

ආජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනාල් මෙසී පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ප්‍රමාණයක් වාර්තා කළ ක්‍රීඩකයාට හිමි වාර්තාව සම කිරීමට ඊයේ සමත්විය. ඒ ආජන්ටිනාව හා ඇල්ජීරියාව අතර පැවැති තරගයේදී ආජන්ටිනාව වෙනුවෙන් ගෝල තුනක් වාර්තා කරමිනි.

Read More

ලෝකයේ කඩවසම් තරුණයන් සදහා පවත්වන ප්‍රධානතම තරගාවලියක් වන ’’ මෑන් ඔෆ් ද වර්ල්ඩ් ’’ ( Man of the world - 2026 ) තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සංජුල කේෂාන් එහි හොදම විධිමත් ඇදුම ( Best in Formal Wear ) සදහා වූ ඉසව්වෙන් රිදී පදක්කම සහ හොදම පෞරුෂත්වය ( Best Personality ) සදහා වූ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගෙන සහ එම තරගාවලියේ තවත් හොදම 10 දෙනා ( Top 10 ) අතරට පත් වූ ඉසව් 05 න් ද ජයග්‍රහණය කර , 06/13 දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ

Read More

සත්කාරක කොදෙව් කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැති දෙවැනි විස්සයි20 තරගය ලකුණු 37කින් ජයග්‍රහණය කිරීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. කිංග්ස්ටන් පිටියේ පැවැති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ට ලකුණු 194ක් රැස් කිරීමට සමත්විය.

Read More

නවසීලන්ත හිටපු නායක කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීම නිවේදනය කර තිබේ. නවසීලන්තයේ හොඳම පිතිකරුවෙකු ලෙස සැලකෙන 35 හැවිරිදි කේන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලකුණු 19,346 ක් ලබා ගනිමින් නවසීලන්තයේ වැඩිම ජාත්‍යන්තර ලකුණු ප්‍රමාණයක් රැස් කළ පිතිකරුවා ලෙස ඉතිහාසයට එක්ව තිබේ.

Read More

සත්කාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ තෙවැනි හා අවසන් එක්දින තරගයද වර්ෂාව හේතුවෙන් අත්හැර දැමිමට සිදුවිය. තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව ජයගත්තේය.

Read More

නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත, එක්දින, විස්සයි20 හා ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කිරිමට ජාතික කණ්ඩායම ලබන වසරේදී නවසීලන්තයේ සංචාරය කිරිමට නියමිතය. මෙම තරගාවලිය එක්දින තරග තුනක්, විස්සයි 20 තරග තුනක් හා ටෙස්ට් තරග දෙකකින් සමන්විත වෙයි. තරගාවලිය ලබන වසරේ ජනවාරි හා පෙබරවාරි යන මාසවල පැවැත්වීමට නියමිතය.

Read More

සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී පසුගිය වසරේ ඉන්දියාවේ කළ සංචාරයේදී විවෘත කරනු ලැබූ ඔහුගේ රුව රැගත් යෝධ ප්‍රතිමාව ඉවත් කිරීමට තීරණය කර තිබේ. ඒම ප්‍රතිමාව ඟසුළට සෙළවීම හේතුවෙන් ආරක්ෂිත පියවරක් වශයෙන් කල්කටාවේ ජනාකීර්ණ ප්‍ර දේශයක තිබෙන මෙම පිළිතුරුව ඉවත් කිරීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකා රග්බි ‘3වන කාණ්ඩයේ’ ජාතික සංචිතයට අලුතින් එක් වූ ක්‍රීඩකයින් වෙනුවෙන් දීමනා ප්‍රදානය කිරීම සහ ’’මිෂන් ඔලිම්පික්’’ වැඩසටහනට ඇතුළත් කර ගැනීම ඊයේ (26දා) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිදු කෙරුණි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩයම අතර කොදෙව් දූපත්හි පැවැත්විමට නියමිත ටෙස්ට්, ඒක්දින හා විස්සයි 20 තරගාවලිය ඳසහා වෙනස්කම් රාශියකින් යුත් නව කණ්ඩායම් තුනක් නම්කර තිබේ.

Read More

ක්‍රිකට් ආයතනය තුළ පරිපාලනය ශක්තිමත් කිරීම හා බිම් මට්ටමේ ක්‍රිකට් දියුණු කිරීම යන අරමුණු දෙක මුල් කරගෙන ක්‍රිකට් පරිවර්තන කමිටුව කටයුතු කරන බව ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට්ක පරිවර්තන කමිටුවේ සභාපති ලෙස සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පත්කර තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ප්‍රමුඛ ක්‍රිකට් විධායක කමිටුව ඉල්ලා අස්වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ඔවුන් සිය ඉල්ලා අස්වීම ජනපති අනුර කුමාර දිසානායක මහතා හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර මහතා වෙත යොමුකර ඇති බවයි.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය T20 තරග මාලාවක් වන 2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය ජූලි 10 සිට අගෝස්තු 5 දක්වා පැවැත්වීමට නියමිතය.

Read More

ඇමෙරිකාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසාලනයට ඉරාන පාපන්දු කණ්ඩායම පැමිණෙනු ඇතැයි ෆිෆා සභාපති ඉන්ෆැන්ටිනෝ පවසයි.

Read More

ආබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග වෙනුවට ආදේශකයක් නම් කරන ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ ටොම් මූඩි බ්‍රහස්පතින්දා පැවසීය. මූඩි පැවසුවේ ’’ඉදිරි පැය 24 සිට 48 දක්වා කාලය තුළ’’ වනි දු වෙනුවට ආදේශක ක්‍රීඩකයෙක් නම් කරන බවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.