saravita-anim2

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා

TOP STORY - timelapse 640 hours ago

LATEST

ඊශ්‍රායෙලයේ සිටින ලාංකිකයන්ට තම ආරක්ෂාව සලසා ගන්නැයි දැනුම් දෙයි

calendar_today 2025 ජුනි 13 - 16:55 remove_red_eye - 331  

ඊශ්‍රායලයට පැමිණීමට අපේක්ශා කරන පිරිස් තම පැමිණීම නැවත දැනුම් දෙන තුරු පමා කරන ලෙස දන්වා ඇති අතර ශ්‍රී ලංකාව බලා පිටත්ව යන පිරිස වෙත ද මෙම දැනුම්දීම් වලංගු වන බව තානාපති සඳහන් කරයි. ඊශ්‍රායලයේ සියලූ කාර්යාල හා වැඩබිම්වල කටයුතු නවතා ඇති අතර රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කොට තිබේ.

එයාර් ඉන්දියා ගුවන් අනතුරින් මිය ගිය සංඛ්‍යාව 241ක් බවට ගුවන් සමාගම තහවුරු කරයි.එසේම මෙම අනතුරින් එක් පුද්ගලයෙක් දිවි බේරාගෙන තිබේ. මියගිය අයගේ පවුල් වෙනුවෙන් මිය ගිය එක් පුද්ගලයෙක් වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටිය බැගින් වන්දි ගෙවන බව එයා ඉන්දියා ගුවන් සේවය හිමි ටාටා සමාගම පවසයි.

Read More

ඉන්දියාවේ එයාර් ඉන්දියා ගුවන් අනතුරින් දිවි ගලවාගත් එක් පුද්ගලයෙක් පිළිබඳ තොරතුරු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

ඉන්දියාවේ අහමදාපාද් හී ගුවන් යානා අනතුරෙන් එම ගුවන් යානයේ ගමන් ගත් සියලු දෙනා ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ඉන්දියාවේ අහමදාබාද් සිට එංගලන්තය බලා පියාසර කරමින් තිබූ එයාර් ඉන්දියා ගුවන් යානයක් ගුවන් ගත වී සුළු වේලාවකින් කඩාවැටී විශාල ගුවන් අනතුරක් සිදුව තිබේ. ගුවන් අනතුර සිදුවන අවස්ථාවේද‍ි එම ගුවන් යානයේ මගීන් හා කාර්ය මණ්ඩල‍යේ 242ක් ගමන් කර තිබේ.

Read More

මෙම වසරේ මාර්තු 15 වැනිසා සිදු කළ සත්ව සංගණන වාර්තාව අද (12දා) ප්‍රකාශයට පත් කරනු ලැබිණි.

Read More

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මේ වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තුව 15%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ. ලංකා විදුලි බල මණ්ඩලය සියයට 18.3ක විදුලි ගාස්තු වැඩිවීමක් යෝජනා කළද මහජන උපයෝගීතා කොමිෂම එම තීරණය ඉවත දමමින් සියයට 15ක විදුලි ගාස්තු වැඩිවීමක් නිර්ද්ශ කර තිබේ.

Read More

වැඩතහනමට ලක්ව ඇති බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ සේවය අත්හිටුවා ඇති කාලසීමාවේදී ඔහුුට හිමි වැටුපෙන් අඩක් පමණ ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

සමාජය පිළිබඳ වගකිවයුතු ආයතන සියල්ල සැලකිය යුතු ප්‍රමාණයකින් බිඳ වැටී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අද(09) රැස්වූ කැබිනට් මණ්ඩල තීරණයකට අනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට තීරණය කර ඇති බව වාර්ථා වෙයි.

Read More

සීමාසහිත ලංකා සීනි පුද්ගලික සමාගමට අයත් පැල්වත්ත හා සෙවනගල ඒකකයන්හි බොයිලේරු සඳහා අදාළ සැපයුම්කරු විසින් පිරිපහදු කළ දැවිතෙල් වෙනුවට නැව් සහ යන්ත්‍ර වලින් ඉවත්කරනු ලැබූ පිරිපහදු නොකළ කළුතෙල් සපයා තිබූ අතර ඒ වෙනුවෙන් සමාගම විසින් රුපියල් තිස්හතරකෝටි,දාසයලක්ෂ,අසූහත්දහස්,පන්සිය අසුදෙකක මුදලක් (341,687,582) සැපයුම්කරුට ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වේ.

Read More

රේගුවෙන් නිදහස් කරනු ලැබූ බහාලුම් 323 සම්බන්ධයෙන් රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා අද(08දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙලෙස පැහැදිලි කිරීමක් සිදු කළේය.

Read More

දිඹුලාගල ඇල්ලේවැව වැවෙහි 08 වෙනිදා උදෑසන 9.00 ට පමණ දියණෑමට ගිය මවක ,දියණියක්, සහ අඹුසැමි යුවළක්, ඇතුළු සිව්දෙනකු දියේ ගිලී මියගොස්, තවත් වයස අවුරුදු දාහතරක දියණියක් දෙහිඅත්තකණ්ඩිය රෝහලේ ප්‍රතිකාර ලබන බව අරලගංවිල පොලිසිය කියයි.

Read More

සමූපකාර බැංකු පද්ධතිය ඇතුළු සමූපකාර ක්ෂේත්‍රය විධිමත් කිරීම සඳහා නව නීති කඩිනමින් ගෙන ඒමට දැනටමත් කටයුතු අරඹා ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

Read More

වර්තමාන පාලන අධිකාරියේ කිසිදු නිලධාරියෙක් අදාළ කමිටුවට සම්බන්ධ කරගන්න එපා - කෝප් කමිටුව. විශ්වවිද්‍යාලයේ දෙවන වසර ඉගෙනුම ලබමින් සිටියදී සියදිවි නසාගත් චරිත් දිල්ෂාන් සිසුවාගේ සිදුවීම පිළිබඳව කාරක සභාවේ අවධානය. 2022 වසරේදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට විශ්වවිද්‍යාල භූමියෙන් පස් කියුබ් 500ක ප්‍රමාණයක් නොමිලේ කපාගෙන යාමට අවරසර ලබාදීලා. වාර්ෂිකව විශ්වවිද්‍යාල වරම් ලබන සිසුන්ගෙන් 7000කට අසන්න ප්‍රමාණයක් පළමු අවස්ථාවේ ලියාපදිංචි වන්නේ නැහැ - ව

Read More

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සඳහා ක්‍රීඩකයෙකුට යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට විරුද්ධව නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ. 2020 වසරේ පැවති තරගාවලියේදී මෙම සිදුවීම සිදුව තිබේ.

Read More

නඩුවක් විමසන අවස්ථාවේ උසාවියේ විත්ති කූඩුව තූලදීම පාතාල කල්ලි සාමාජික ගනේමුල්ලේ සංජීව නමැත්තාට වෙඩි තබා ඝාතනය කළැයි කියන වෙඩික්කරු හඳුනා ගැනීම සඳහා පැවති පෙරට්ටුවේදී කිසිදු සාක්කිකරුවකුට ඔහු හඳුනා ගැනීමට නොහැකි විය.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවය වෙත එක්වූ නවතම ගුවන් යානය වන ඒ 330 -200 පුළුල් බඳ සහිත ගුවන් යානය අද දිනයේදී ප්‍රංශයේ සිට කටුනායකට ගෙන ආවේය.

Read More

මගී ප්‍රවාහනය සඳහා පහත් පිවිසුම් සහිත සුවපහසු බස් රථ 100ක් සේවයේ යෙදවීම වෙනුවෙන් ඉදිරිපත් වූ කැබිනට් යෝජනාවකට අනුමැතිය ලැබී තිබේ. බස්නාහිර පළාතේ කොළඹ ඇතුළුව මාකුඹුර කඩුවෙල, කඩවත හා මොරටුව යන ප්‍රධාන මාර්ග කොරිඩෝ කිහිපයක් ඔස්සෙ මෙම බස් රථ ධාවනය කිරීමට නියමිතය.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව ගෝලීයව, 2025 වසරේ පෙබරවාරි මාසයේ සිට COVID – 19 රෝගය ඇතිකරන SARS-CoV-2 වයිරසයේ ක්‍රියාකාරීත්වයේ ඉහළ යෑමක් වාර්තාවිය.

Read More

සෙවනගල සීනි කර්මාන්තය වැසීයාමේ අවදානමක් නැතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

Read More

ලංකා සුදු ඩීසල් ලීටරය්ක්රුක්පියල් 274ක් ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 325 ක් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 341ක් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටයරයක් රුපියල් 293ක් ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 178ක්

Read More

දේශීයව නිෂ්පාදනය කරන දුඹුරැ සීනි අලෙවිකර ගැනීමේ ගැටලුව විසදීම සදහා රජය කඩිනමින් මැදිහත් නොවුනහොත් ඇතිමලේ වැවිලි සමාගමට අයත් සියඹලාන්ඩුව ඇතිමලේ සීනි කර්මාන්ත ආයතනය වැසීයා හැකි බව එහි විධායක නිළධාරි ගාමිණි රත්නායක මහතා පැවසීය.

Read More

බුත්තල පැල්වත්ත සීනි සමාගමේ, මුල්‍ය අර්බුධය ඉහළයාමක් සමග සමාගමේ පාලන අධිකාරිය විසින් ඔවුන් නිෂ්පාධනය කරන දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 500ක්,පාඩු පිට ගැනුම්කරුවෙකුට අලෙවි කර ඇති බවත්, එසේ අලෙවිකර ඇත්තේ සීනි කිලෝවකින් රුපියල් අසුහතරක පමණ පාඩුවක්පිට බවත්, සමාගමේ සේවකයින් පවසති.

Read More

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලින් රුවන්ජීව ප්‍රනාන්දු එම චෝදනාවලට වරදකරුවන් කර තිබේ.

Read More

විශ්වවිද්‍යාලවල නවක වදය අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (28) ගොනු කළේය.

Read More

හම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් මෙරට දේශිය වෙළෙඳ පොළට මේ වසරේ පෙබරවාරි මාසයේ සිට මේ දක්වා වාහන 9151 ක් ගෙන්වා ඇති බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය කළමනාකාරිත්වය කියයි.

Read More

සිංගප්පූරුව, ඉන්දියාව වැනි තදාසන්න රටවල කොවිඩ් රෝගය යම් ප්‍රමාණයක් වාර්තා වී ඇතැයිද, ඒ ඵිළිබඳව සෞඛ්‍ය අංශ අවධානයෙන් පසුවන බවද සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

Read More

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26දා) නියෝග කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.