saravita-anim2

2026 මාර්තු මස 29 වන ඉරිදා

2026 මාර්තු මස 29 වන ඉරිදා

TOP STORY - timelapse 657 hours ago

LATEST

රනිල්ට එරෙහි නඩුව ජනවාරි 28ට කල් යයි

calendar_today 2025 ඔක් 29 - 15:02 remove_red_eye - 299  

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමට අදාළව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව යළි ලබන ජනවාරි මස 28 දා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇති සමස්ත දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල වලින් සියයට 38ක් එනම් දුම්රිය එන්ජින් 103ක් මෙම වර්ෂයේ (2025) අප්‍රේල් මස වනවිට ධාවනයෙන් ඉවත්කොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත. දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇති සමස්ත දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල සංඛ්‍යාව 267කි. ධාවනයෙන් ඉවත්කොට ඇති දුම්රිය එන්ජින් අතුරින් දුම්රිය එන්ජින් 39ක් දුම්රිය නැවතුම්පළ වලද, දුම

Read More

නඩු කටයුතු වේගවත් කිරීම වෙනුවෙන් නව මහාධිකරණ හතරක් කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මෙම මහාධිකරණ පසුගිය කාලයේදී මැති ඇමතිවරුන් භාවිත කළ කොළඹ 07 පිහිටි බංගලා හතරක් තුළ ස්ථාපිත කිරීමට නියමිතය. මෙම බංග්ලා දැනට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අයත් වෙයි.

Read More

විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

Read More

වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ඝාතනයේ වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයා මහරගම නාවින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

Read More

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය සම්බන්ධයෙන් අද (26දා) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කාන්තාවක ඇතුළුව තිදෙනෙකු අත්අඩංගුවට ​ගෙන තිබේ.

Read More

විවිධ අරමුණු වෙනුවෙන් විදේශගතවු වෛද්‍ය නිලධාරින් 705 දෙනෙකුගෙන් ගිවිසුම් කඩකිරිම හේතුවෙන් අයවිය යුතු රුපියල් එකසියපහළොස්කෝටි,හැටපන්ලක්ෂ,හැටදෙදහස් එකසියදහනමයක (1,156,562,119) බැදුම්කර මුදල් හා දඩ මුදල් අයකරගැනිමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කටයුතු කර නොමැති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.

Read More

කොළඹ බී.එම්.අයි.සි.එච්. හිදී පැවැති ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී අද පුවත්පතට ජනාධිපති රන් සම්මානයක් හිමිවිය. අද පුවත්පත වෙනුවෙන් එහි විශේෂාංග කර්තෘ දිනිති අබේවර්ධන මහත්මිය විසින් එම සම්මානය ජනපති අනුර කුමාර දිසානායක මහතා අතින් ලබා ගත්තාය.

Read More

ආර්ථිකය ශක්තිමත් වීම මත වාහන බදු සංශෝධනයක් ගැන අවධානය යොමු කළ හැකි බවත් මේ අවස්ථාවේදි වාහන බදු සංශෝධනයක් ගැන කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

Read More

අධිකරණයේ විභාග වන නඩු, ඉදිරියේදී අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිත නඩු, තහවුරු නොකරන ලද විමර්ශන තත්ත්වයෙන් පවතින කටයුතු වලට අදාළ ඡායාරූ, වීඩියෝ හෝ සංස්කරණය නොකරණ ලද දර්ශන හා AI තාක්ෂණය හරහා සංස්කරණය කරන ලද හෝ නොකරන ලදව විවිධ මාධ්‍ය හරහා සංසරණය වන දෑ සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරය පියවර ගෙන තිබේ.

Read More

සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව නැමැත්තාගේ ඝාතනයට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දි නැමති සැකකාරියට සැඟව සිටීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු හා ඉන්දියාවට මුහුදු මාර්ගයෙන් බෝට්ටුවක් ආධාරයෙන් පලා යාමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු 2025.10.20 වන දින කිලිනොච්චිය උදයනගර් ප්‍රදේශයේදී හා තිහාරිය, ඕගොඩපල ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

දිවයිනට නැගෙනිර දෙසින් පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය මේවන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ශ්‍රි ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්යමණ්ඩලයේ පැමිණිම හා පිටවිම විධිමත් ලෙස තහවුරුකර නොගෙන ඉකුත් වර්ෂයේ දි (2024) වැටුප් හා දිමනා ලෙස රුපියල් එකසියතිස්අටකෝටි, අසුඑක්ලක්ෂ, පහළොස්දහස් හාරසියඅසුතුනක මුදලක් (1,388,115,483) වැටුප් හා දිමනා ලෙස ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

Read More

ඇගිලි සලකුණු යන්ත්‍ර මගින් සනාථ කරගැනිමකින් තොරව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් එහි සේවකයින් සදහා ඉකුත් වර්ෂයේ දි (2024) අතිකාල සහ නිවාඩු දින වැටුප් ලෙස රුපියල් තුන්දහස්නමසිය හැත්තෑඑක්කෝටි, හැත්තැහයලක්ෂ ,විසිහයදහස්, හයසියපහළොවක මුදලක් (39,717,626,615) ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත..

Read More

මත්පැන් නිෂ්පාදන ආයතන පහකින් හිග සුරාබදු මුදල් හා ප්‍රමාද ගාස්තු වශයෙන් රුපියල් හයසිය තිස්තුන් කෝටි, හැත්තෑ පන්ලක්ෂ, අනු හයදහස් හත්සිය එකක මුදලක් (6,337,596,701) ඉකුත් වර්ෂයේ දෙසැම්බර් මස 31 දින වනවිට අයවිමට තිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත. වසර පහකට පමණ වැඩිකාලයක සිට හිග සුරාබදු මුදල් හා ප්‍රමාද ගාස්තු අයවිමට තිබු බවද මෙකි වාර්තාවේ සදහන් වේ.

Read More

2025.09.30 වන විට අපේක්ෂිත බදු ආදායම රු. මිලියන 1,610,599 ක් වූ බවත් ඒ අනුව රු. මිලියන 1,641,997 ක් උපයා ඇති බවත් (සියයට 102ක ප්‍රතිශතයක්) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පසුගියදා ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට පැවසූහ. 2025 වසරේ සමස්ත බදු ආදායම් ඉලක්කය වන රු. මිලියන 2,195,220 ක ප්‍රමාණයෙන් මේ වන විට රු. මිලියන 1,641,997ක් සපුරා ඇති බවත් එය සියය‍ට 75ක ප්‍රතිශතයක් බවත් මෙහිදී අනාවරණය විය.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ’ගණේමුල්ල සංජීව’ ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු කණ්ඩායම රැගත් ගුවන්යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟාවිය. ඉෂාරා සෙව්වන්දි සමග හය දෙනෙක් නේපාලයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙසේ දිවයිනට ගෙන එනු ලැබීය.

Read More

ප්‍රකාශයක් ලබා දීම සඳහා අද දිනයේදි අල්ලස් කොමිසමට කැඳවූ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

’’මම හිතන්නේ මාධ්‍ය යේ ඉන්න ඔබ අර විපක්ෂයේ ඉන්න සජිත්ට දසාසිරිට වඩා බුද්ධිමත් වෙන්න ඕන කියලා. ඒ මොකද කන්ටේනර් සිදුවිමයි අමාත්‍ය මණ්ඩල‍ සංශෝධනයයි අතර කිසිම සම්බන්ධයක් නෑ. කන්ටේනර් සිදුවීමයි. අමාත්‍ය මණ්ඩල සංශෝධනයයි ගැන අපි කථා කරලා තියෙනවා. ඒ සිදුවිම ගැන පරික්ෂණ කමිටුවක් දැම්‍මේ ජනපතිවරයා.’’

Read More

2025 වසරේ තෙවන අර්ධය සඳහා විදුලිබිල සංශෝධනය නොකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති, මහාචාර්ය කේ. පී.එල් චන්ද්‍රලාල් මහතා පැවසීය.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

Read More

වහල මත සවිකරණ සූර්ය බලශක්ති ප්‍රභවයන් ස්ථාපති කිරීමේදී ඒකාබද්ධ කරන ලද බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) සඳහා කාල පාදක ගාස්තු යෝනජ ක්‍රමයක් රජය හඳුන්වාදී තිබේ.

Read More

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළදී පොලිස් කොස්තාපල්වරයෙක් හා නීතීඥවරයෙක් අතර ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස් කොස්තාපල්වරයා ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් නියෝග කළේය‍.

Read More

මෙම වසර තුළදී වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,750 දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

රටතුළ මහත් ආන්දෝලනයට ලක්ව තත්ත්වයෙන් අසමත්විම් නිසා භාවිතයෙන් ඉවත්කරණු ලැබු හියුමන් ඉමියුනොග්ලොබියුලින් (human immunoglobulin ) සහ rituximab යන ප්‍රතිදේහ ඖෂධ දෙක මිලදි ගැනිමට අදාළව රුපියල් දහඅටකෝටි තුන්ලක්ෂ හැටහයදහස් හයසිය අනුහතක් (180,366,697) වු පිරිවැය හා සියයට විසිපහක් වු පරිපාලන වියදම් අදාළ සැපයුම්කාර සමාගමෙන් අයකරගැනිමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කටයුතු කර නොතිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

Read More

ජාතික ජන බලවේගය ආණ්ඩුව විසින් සිය පළමු කැබිනට් සංශෝධනය අද දිනයේදි සිදුකර තිබේ. කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙක් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 10කුගේ ධුර මෙසේ වෙනස්ව තිබේ. 2026 අයවැයට පෙරාතුව මෙම කැබිනට් සංශෝධනය සිදුකර තිබේ.

Read More

විස්තීරණය ණය පහසුකමේ 5 වැනි සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවය හිමිව තිබේ.

Read More

හම්බන්තොට, මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රය තුළට වන අලි ආදි වනජීවීන් වරින්වර ඇතුළු වීම මෙන්ම එහි පිවිසුම් මාර්ග හරහා මාරු වීම වැනි ක්‍රියාකාරකම් හේතුවෙන් ගුවන්තොටුපොළෙහි යටිතල පහසුකම්වලට හානි සිදු වන අවස්ථාවන් බහුල වන අතර එහි මෙහෙයුම්වලට ද බලෑම් ඇතිව තිබේ.

Read More

හම්බන්තොට, කටුවනේදී 2012 දී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදු කිරීමේ චෝදනාවට වරදකරු වූ ගීගනගේ ගමගේ අමරසිරි නොහොත් ‘ජූලම්පිටියේ අමරේ’ ට තංගල්ල මහාධිකරණය විසින් නියම කරන ලද මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය අද තහවුරු කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.