දන්සැල් මාර්ගෝපදේශ නිකුත් කරයි
දන්සැල් පැවැත්වීමට අදාල මාර්ගෝපදේශය දැන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වෙබ් අඩවියේ (www.epid.gov.lk) අඩංගු කර ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ තිලංග රුවන් පතිරණ මහතා කියයි.
කෙසේ වෙතත් එම මාර්ගෝපදේශ අනුව දන්සැල් පැවැත්වීම සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දන්සැල් ලියාපදිංචි කලයුතු බවද ඒ මහතා කියයි.ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමුවී අවශ්‍ය උපදෙස් ලබාගෙන දන්සැල ලියාපදිංචි කරගන්නා මෙන් රුවන් පතිරණ මහතා ඉල්ලීමක් කරයි.
සිසිල් බීම දන්සැල් ලබාදීම වෙනුවට මේ දිනවල පැතිරයන සමහර බෝවන රෝග සම්බන්ධයෙන් ද සලකා තේ,කෝපි,රණවරා, කොත්තමල්ලි වැනි උණුසුම් පාන වර්ග සහිත දන්සල් සංවිධාන කරන මෙන් ප්‍රජා වෛද්‍ය විශේෂඥ තිලංග රුවන් පතිරණ මහතා දන්සල් සංවිධායකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
දන්සල් සූදානම් කරන,පවත්වන කාලයේ මෙන්ම දන්සැල නිමාකළ පසුවද ඒ කටයුතු සම්බන්ධයෙන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ අධීක්ෂණය සිදු වන බවද විශේෂඥ තිලංග රුවන් පතිරණ මහතා කියා සිටී.
මේ අතර අද (මැයි 27) දිනය වන විට කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ දන්සැල් 464 ක් ලියාපදිංචි කර ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක දේහාන් විතානගේ මහතා පවසයි.ඒ අතරින් 91 බත් දන්සැල් ය.
උතුම් වෙසක් පොහොය නිමිත්තෙන් සංවිධාන කරන දන්සැල් සම්බන්ධයෙන් කටයුතු සෞඛ්‍ය ආරක්ෂිතව සංවිධාන කිරීම දිරිගන්වන මෙම ප්‍රවෘත්තියට ඔබගේ අනගි මාධ්‍යයෙන් පුළුල් ප්‍රචාරයක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

