මාතර එළියකන්ද පාර, බ්‍රවුන්ස්හිල් ලිපිනයේ පිහිටි අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුරංග එරංග දිසානායක මහතා නියෝග කර තිබේ.
නඩුව අද දිනයේදි කැඳවූ අවස්ථාවේදි ඔහු අධිකරණයේ පෙනි නොසිටි අතර ඔහු වෙනුවෙන් ඉදිරිපත් වූ නීතීඥයින් බැසිල් රාජපක්ෂ මහතා අසනීප තත්ත්වයෙන් විදෙස්ගතව ප්‍රතිකාර ලබන බව දැනුම් දුන්නේය. කෙසේ වෙතත් දිගටම බැසිල් රාජපක්ෂ මහතා අධිකරණය මග හරිමින් සිටින බැවින් ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කිරීමට නියෝග කළේය.