රජය විසින් ගෙවිමට ඇති සමස්ත රාජ්ය ණය ප්රමාණය 2025 වර්ෂය අවසන්වනවිට රුපියල් බිලියන 29,994.69 ක් බැව් ශ්රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
2025 වර්ෂය අවසානයට ගෙවිමට ඇති සමස්ත දේශිය ණය ප්රමාණය රුපියල් බිලියන 18,675.32ක් වු අතර ගෙවිමට ඇති සමස්ත විදේශිය ණය ප්රමාණය රුපියල් බිලියන 11,319.36ක් බවද මහබැංකු වාර්තාවේ සදහන් වේ.
කෙසේවුවද 2024 වර්ෂය අවසන්වනවිට දළ දේශිය නිෂ්පාදනයේ ප්රතිශතයක් ලෙස සියයට 55.4ක් වු රටෙහි විදේශිය ණය 2025 වසර අවසන්වනවිට සියයට 50.4 දක්වා පහළ ගොස් තිබුණි. එමෙන්ම රජය විසින් 2025 වර්ෂය තුල ඇමරිකානු ඩොලර් බිලියන 5.1ක විදේශිය ණය ගෙවා තිබු අතර එය 2024 වර්ෂයට සාපේක්ෂව රජයේ විදේශිය ණය ගෙවිම්වල සැලකිය යුතු ඉහළ යෑමක් බවද මහබැංකු වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.