ලංකාවට ආවේණික නව මී විශේෂයක් සොයා ගනී
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අංශය දීර්ග කාලයක් පුරා සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට ආවේණික නව මී විශේෂයක් දුම්බර කඳුවැටිය ආශ්‍රිතව සොයා ගෙන තිබේ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ ප්‍රධානී මහාචාර්ය සුයාමා බෝයගොඩ මහත්මිය ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙම සත්ව විශේෂය සොයා ගෙන තිබේ. මෙම මී විශේෂය සොයා ගත් පර්යේෂණය සම්බන්ධයෙන් මහාචාර්ය සුයාමා බෝයගොඩ මහත්මිය මෙසේ සඳහන් කළාය.
1930 ගණන්වල ඩබ්ලිව්.ඩබ්ලිව්. ඒ. පිලිප්ස් මහතා ගවේෂණය කරලා මී විශේෂ සොයා ගත්තට පස්සේ අපි මහා පරිමාණයේ ගවේෂණයක් කරන්න 2001 දී ආරම්භ කළා . ඒ ගවේෂණය දිගින් දිගටම කරල තමයි දුම්බර කඳුවැටියෙන් මේ මී විශේෂය සොයා ගත්තේ.
දුම්බර ක ඳුවැටියේ සුළු කොටසක් තුලින් මෙම මී විශේෂය හමු වූ බවත් මෙම සුවිශාල පරිසර පද්ධතිය තුල සතුන් සහ ශාඛ එකට එකතුව පරිසරය සමතුලිත කරන බවත් ඒ සමතුලිත තාවය මිනිසා විසින් බිඳ දැමුවහොත් ආවේණික සතුන් සහ ශාඛ නැති වන බවත් මහාචාර්ය බෝයගොඩ මහත්මිය ස ඳහන් කළාය. පරිසරය මිනිසා විසින් විනාශ කිරීම නිසා මෙවැනි සතුන් විනාශ වන බවත් කරදරකාරි සතුන් ඉතිරි වන බවත් මහාචාර්ය බෝයගොඩ මහත්මිය ස ඳහන් කළාය.
නකල්ස් අධි ආරක්ෂිත පරිසර පද්ධතියට ආසන්න ප්‍රදේශයකින් මෙම මී විශේෂය සොයා ඇති අතර එයට ‘මොස් දුම්බර‘ හෙවත් දුම්බර හීන් කටු මීයා‘ ලෙස නම් තබා තිබේ. ශ්‍රී ලංකාවෙන් මින් පෙර මී වීශේෂ 14 ක් සොයා ගෙන තිබූ බවත් අලුතින් සොයා ගත් මෙම වී විශේෂයත් සමඟ මී විශේෂ 15 ක් සොයා ගෙන ඇති බවත් මහාචාර්ය සුයාමා බෝයගොඩ මහත්මිය සඳහන් කළාය.
‘මොස් දුම්බර‘ හෙවත් ‘දුම්බර හීන් කටු මීයා‘ ලෙස මෙම මී විශේෂයට නම් කර තිබෙන බවත් මොස් ප්‍රනාන්දු සහ මොස් මයෝරි කියන විශේෂ දෙකත් මේ කටු මී විශේෂයට අයත් ලංකාවට ආවේණික සතුන් දෙදෙනෙකු වන නමුත් එම සතුන්ගෙන් මෙම මීයා වෙනස්කම් රැසක් සහිත බවත් සඳහන් කළාය.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

