මහානායක හිමිවරුන්ගේ අනුශාසනා පරිදි විහාර හා දේවාලගම් පනත සංශෝධනය කර නැවත ධර්මාධිකරණයක් පිහිටුවීමට පියවර ගන්නා බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. ජාතික වෙසක් උත්සවය අමතමින් ඔහු මේ බව පැවැසිය.
මෙම කටයුතු අවසන් අදියරේ පවතින බවද ජනපතිවරයා පැවැසීය. බෞද්ධ දහම ලෝක වසීන්ගේ හිත සුව පිණිස බුදු රජාණන්වන්සේ දේශනා කර ඇති බවත් දහමේ හරය විනාශයට පත් නොකර ආරක්ෂා කිරිමට හැම දෙනාටම වගකීමක් ඇති බවද ජනපතිවරයා පැවැසීය.