ඉන්ධන මිල ඉහළ දැමීමට තවමත් තීරණයක් ගෙන නොමැති බවත් ජුලි මස අවසන් වන තෙක් ඉන්ධන සංචිත රට තුළ පවතින බවත්ඛනිජ තෙල් නිතිගත සංස්ථාවේ කළමණාකර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා පැවැසීය.
මිල ඉහළ දාන්න ඛණිජ තෙල් නිතිගත සංස්ථාව කිසිම තීරණයක් අරගෙන නෑ. ඒ් වගේම මේ අවස්ථාව වන විට ඉන්ධන ඟහියක් පවතින බවට ප්‍රචාරයක් යනවා එහි සත්‍යතාවයක් නෑ. මේ මාසයේ අවශ්‍ය කරන තෙල් හා හත්වැනි මාසය අවසන් වන තෙක්අවශ්ය තෙල් තොග ඇවිත් තියෙනවා.
මේ මාසයේ නෞකා සියල්ලම ලංකාවට ඇවිත් තියෙන්නේ මේ මස 27 හා 31 යන දින දෙක තුළ බොරතෙල් නෞකා දෙකක් පැමිණීමට නියමිතයි. ඒම නෞකා දෙක පැමිණීමත් සමග බොරතෙල් පිරිපහදු කිරීම මගින් ලබා ගන්නා තෙල් ඉදිරි මාස වලදී ලබා දෙන්න පුළුවන්.තෙල් නැති වෙන පදනමින් ඉන්ධන පෝලිම්වලට ඒකතු වෙන්න ඒපා.