saravita-anim2

2025 ජුනි මස 25 වන බදාදා

2025 ජුනි මස 25 වන බදාදා

Latest News - timelapse 253 hours ago

LATEST

තරුණයෙකුට පහරදී ඝාතනය කළ පහක් පෝරකයකට

calendar_today 2025 අප්‍රේ 28 - 17:21 remove_red_eye - 214  

තරුණයකුට ක්‍රිකට් පොලු ඇතුළු පොලු වලින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු මෝදර ප්‍රදේශයේ පුද්ගලයින් 07 දෙනෙකුගෙන් පස්දෙනකුට මරණීය දණ්ඩනය නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා දෙදෙනකුට ජීවීතාන්තය දක්වා වු සිරදඬුවම් අද (28) නියම කළේය.

ඓතිහාසික අනුරාධපුර රුවන්වැලි සෑ පුදබිමට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා බෝම්බයක් රැගෙන පුද්ගලයෙකු පැමිණෙන බවට අද (28දා) දහවල් පොලිස් හදිසි ඇමතුම් අංකයට (119) ලැබුණු තොරතුරකට අනුව රුවන්වැලිසෑ පුදබිම තුල පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව ඒකාබද්ධව සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළ බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය සඳහන් කළේය.

Read More

අල්ලස් කොමිසමට යවන ලිපි ජනපතිවරයා විසින් ලබා ගන්නේද යන්න පිළිබඳව තමන්ට සැකයක් ඇති බවත් ඒ අනුව තමන්ට සාධාරණයක් ඉටුවේද යන්න පිළිබඳව ගැටලුවක් පවතින බවත් තමන් අල්ලස් කොමිෂමට සඳහන් කළ බව හිටපු ජනති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැති ප්‍රවෘත්ත සාකච්ඡාවකදී පැවැසීය.

Read More

‘සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් සහභාගී වූ ආරක්ෂක අංශ සහ මහජනතාව වෙනුවෙන් පහසුකම් ලබා දුන් පාසල් 37ක්, නැවත හෙට (29) දින ආරම්භ කිරීම සඳහා පවිත්‍ර කිරීම් අද දින‍යේ සිදු කෙරිණි.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද(28දා) පැවැත්වේ.

Read More

පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු ලෙස සේවය කල විශ්‍රාමික පොලිස් සැරයන්වරයෙකු වංගු සහිත ස්ථානයකදී ධාවනය වෙමින් තිබූ, එම බස් රථයෙන් බිමට ඇද වැටී ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (27දා) ජීවිතක්ෂයට පත්වූ බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

Read More

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(28දා) පැය 03කට ආසන්න කාලයකදී පිටු 10ක කටඋත්තරයක් ලබා දුන් බව ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා පැවසීය.

Read More

සිරි දළඳා වන්දනාවට පැමිණ වන්දනාකරුවන්ට යළි භාර ගැනීමට නොහැකි වූ ගමන් මලු නැවත වන්දනාකරුවන්ට ලබා ගැනීම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් දියත් කර තිබේ. අද හා හෙට දිනයේදි එම ගමන් මලු නැවත ලබා ගැනීමට වන්දනාකරුවන්ට අවස්ථාව තිබේ.

Read More

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් යොමු කර තිබේ.

Read More

මේ අනුව ක්ලීන් ශ්‍රී ලංකා ක්‍රියාන්විතය මෙයෙහවීම යටතේ සමස්ථ මහනුවර නගරයම සාර්ථකව ශුද්ධ පවිත්‍ර කර තිබේ.

Read More

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

Read More

ශ්‍රී දළදා වන්දනාවේ යෙදීම සඳහා දස දහස් ගණනින් අසරණ ජනතාව වැස්ස අව්ව නොතකා පෝලිම් වල සිටියදී ශ්‍රී දළදා මාලිගාවේ පිටුපස දොරෙන් හොර රහසේ ඇතුළුවීම සඳහා දළදා මාලිගාවේ බලධාරීන් විසින් විශේෂ අත්පලඳනාවක් නිකුත් කොට ඇති බව පැවසේ.

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.

Read More

මේ දින වල වැලිමඩට ඇදහැළෙන අධීක වර්ෂාව හේතුවෙන් කැප්පෙටිපොල විශේෂිත ආර්ථීක මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග ප්‍රමාණය විශාල වශයෙන් පහත වැටී ඇතැයි ආර්ථික මධ්‍යස්ථානයේ වෙලෙදුන් පවසයි.

Read More

කොසු මිටකින් සහ කුඩයකින් පහර දී ගුරුවරියකට තුවාල සිදු කළ බවට අධිකරණය හමුවේ චෝදනා ලබා සිටින ගුරුවරියක් එකී චෝදනාවට වරදකාරිය බවට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් පී. එච්. ඩබ්. ඩී. එල්. සමරසිංහ මහත්මිය තීන්දු කළාය.

Read More

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

දළදා දැක්ම පැවතිදින දහය තුළදීකසල ටොන් 600ක්බැතිමතුන් විසින් ඉතාමත් අවිධිමත් ලෙසපරිසරයට මුදා හැර ඇතිබව මහනුවරමහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහඝණ අපද්‍රව්‍යඒකකයේ ප්‍රධානීනාමල් ධම්මික දිසානායක මහතා කියයි.

Read More

ශ්‍රී දළදා මාලිගාවේ දී පැවැත්වූ ’සිරි දළඳා වන්දනාවේ’ අවසන් දිනයේ මහනුවර නගර පවිත්‍ර කිරීමේ ’’ ක්ලීන් කැන්ඩි’’ වැඩසටහන අද (27) පස්වරුවේ ආරම්භ කෙරිණි.

Read More

වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් පසුව ඊයේ 27 වනදා සවස සාර්ථකව අවසන් විය.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් මේ වන විට මුම්මබායි ඉන්දියන්ස් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අතර පැවැත්වේ.

Read More

වත්මක් රජය ‘පච’ රජයක් ලෙස ලේබල් වී අවසන් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන නඩු කටයුතු අවසන්ව ඇති හෙරොයින් කිලෝ 494ක් හෙට (28දා) විනාශ කිරීමට නියමිතව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

2024 අ.පො.ස.උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් අතරින් සිසුන් 29,244ක් සියලු විශයන් අසමත් වී තිබෙන බවත්, මේ පිළිබඳව අධ්‍යාපක ක්ෂේත්‍රයේ විශේෂ අවධානයක් යොමු විය යුතු බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

Read More

රටේ බලය ලබා ගැනීමට මේ රටේ ඡන්ද දායකයන්ට වැඩිම බොරු කියා ඇත්තේ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායම බව ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රධාන ලේඛම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

Read More

මෙවර අපොස උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට සඳලංකා මධ්‍ය විද්‍යාලයේ නෙත්ම නවෝද්‍යා මාරසිංහ සිසුවිය සමත් වූවාය.

Read More

ඉරානයේ ප්‍රධාන වරායක ඊයේ(26දා) සිදු වූ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව 25ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

හින්දු සංස්කෘතියේ විදහා දැක්වෙන පොන්නන් සංගර් නාට්‍ය විදහා දැක් වීමට (27) දින උදැසන අඩි 60ක් උස කණුවකට නැගි එම නාට්‍ය යේ ප්‍රධාන භූමිකාව රග දැක්වූ තිදරු පියෙකු එම කණුවේ මුදුනේ සිට බිමට ඇද වැටී ජීවිතක්ෂයට පත් වී ඇති බව නානුඔය පොලිසිය පැවසීය.

Read More

තුවාල ලැබූ වෛද්‍යවරියගේ පුත්‍රයා අසල වෙළද සැලකින් චීන පටස් පහක් මිළදී ගෙන නිවසේ සාලයේ මේසය මත තබා තිබී ඇති අතර, ඒ ගැන නිසි අවබෝධයක් නොමැතිව කුමක්ද යන්න සොයාබැලීම සදහා දන්ත වෛද්‍යවරිය දත් වලින් හපා පරීක්ෂා කිරීමට ගොස් මෙසේ බරපතල තුවාල ලබා ඇති බවද පොලිසිය සඳහන් කරයි.

Read More

උසස් පෙළ දිවයිනෙන් ප්‍රථමයෙකු වීමට ලැබීම පිළිබඳව විශාල සතුටක් ඇති බවත් තම අනාගත බලාපොරොත්තුව විලාසිතා නිර්මාණ වේදිනියක වීම බවත් මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් කලා අංශයෙන් දිවයිනෙන් පළමු ස්ථානයට පත් ගම්පහ , රත්නාවලී බාලිකාවේ සෙනලි චමත්කා රණසිංහ සිසුවිය සදහන් කළාය.

Read More

පුද්ගලයෙකුට පහරදෙන අයුරු දැක්වෙන මෙන්ම සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන වීඩියෝවට අදාළව මේ වන විට සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.