රාජ්‍ය සේවක උත්සව අත්තිකාරම් මුදල වැඩිකරයි
රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ලබාදෙන උත්සව අත්තිකාරම් මුදල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. රජයේ නිලධරයන්ට තෛපොංගල්, රාමසාන්, සිංහල භා හින්දු අලුත් අවුරුද්ද, වෙසක්, දීපාවලි සහ නත්තල් වැනි උත්සව අවස්ථා සඳහා සහ වන්දනා ගමන් සඳහා (ශ්‍රී පාද වන්දනාව සහ හජ් වන්දනාව වැනි) අත්තිකාරම් වශයෙන් රුපියල් 10,000/-ක් ලබා ගැනීමට හැකියාව පවතී. එම අත්තිකාරම් මුදල පොලී රහිතව මාසික කොටස් 08 කින් හෝ අවශ්‍ය වුවහොත් ඊට කලින් හෝ අය කර ගැනීම සඳහා විධිවිධාන සලසා ඇත.
එකී උත්සව අත්තිකාරම් මුදල රුපියල් 15,000/- ක් දක්වා වැඩි කර ලබා දීමට 2026 අයවැය මඟින් යෝජනා කරනු ලැබ තිබේ. ඒ අනුව, රජයේ නිලධරයන්ට ලබා දෙනු ලබන උත්සව අත්තිකාරම් මුදල රුපියල් 15,000/- දක්වා වැඩි කිරීමට හැකි වන පරිදි ආයතන සංග්‍රහයේ අදාළ විධිවිධාන සංශෝධනය කිරීමටත්, ඒ සම්බන්ධයෙන් චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමටත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ අළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
