ව්‍යාජ සහතික ඉදිරිපත් කර පළාත් රජයේ සේවයට ගිය 19ක් ගෙදර යවයි
ව්‍යාජ සහතික ඉදිරිපත් කිරිම හේතුවෙන් පාසැල් කාර්යසහායක සහ මුරකරු ලෙස සේවය කරණු ලැබු සේවකයින් 19 දෙනෙකුගේ සේවය අවසන් කිරිමට මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යංශය විසින් කටයුතු කර ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
කෙසේවුවද අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශිත කාර්ය පටිපාටික වගන්ති ප්‍රකාරව සාවද්‍ය තොරතුරු හෝ ව්‍යාජ ලේඛන ඉදිරිපත්වි අවස්ථාවක පත්විම අවලංගු කර ඒ වනවිටත් ඔවුන්ට වැටුප් හා දිමනා ලෙස රජය හෝ පළාත් සභා විසින් ගෙවා ඇති සියලුම මුදල් ආපසු අයකරගත යුතු බවට විගණන වාර්තාවේ සදහන් වේ. එහෙත් සේවය අවසන්කොට ඇති මෙම සේවකයින් සම්බන්දයෙන් මධ්‍යම පළාත් සභාව විසින් එසේ කටයුතු කරනොතිබු බව විගණනය මගින් අනාවරණය කොට ඇත.
මධ්‍යම පළාත් සභාවේ ගණන්දිමේ නිලධාරිවරයා මේ සම්බන්දයෙන් විගණනයට සදහන් කොට ඇත්තේ 2023.01.01 දිනට පෙර පත්විම් අවසන්කරණු ලැබු සේවක මහත්ම මහත්මින් 17 දෙනා වෙත වැටුප් ගෙවා ඇත්තේ ඔවුන්ගෙන් ලබාගත් සේවය සදහා වන බවය. ඒ සම්බන්දයෙන් රජයට කිසිදු පාඩුවක් හෝ අලාභයක් සිදුවි නොමැති බවය.
කෙසේවුවද සේවක මහතුන් දෙදෙනෙකුගේ පත්විම් 2023.01.01 දිනට පසු අවසන්කර ඇති බැවින් ඔවුන් විසින් රජයට ගෙවිය යුතු මුදල නැවත අයකරගැනිම සම්බන්ද තොරතුරු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක වෙතින් ලද විගස විගණනය වෙත ඉදිරිපත් කරණ බවට සදහන්කොට ඇත.
ව්‍යාජ සහතික මත ලබාගත් පත්විම් නිත්‍යානුකුල නොවන බැවින් අනීතිකව කරණු ලැබු ගෙවිම් ආපසු අයකරගතයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. මධ්‍යම පළාත් සභාව සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
