කසළ බෑගයට රු. 1500ක් දඩ
අකුරැස්සේ සිට යතුරු පැදියකින් කසළ බෑගයක් ගෙනැවිත් ගාල්ල නාවික හමුදා කඳවුර අසල සමුද්‍ර මාවතේ දමන ලද සැකකරුවෙකුට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් මහේෂිකා විජේතුංග මහත්මිය රුපියල් 1500ක දඩයක් නියම කළාය.
මෙසේ දඩ නියමවුයේ සුරවීර ආරච්චිගේ දිනේශ් නාලක ජයසේකර නමැති සැකකරුටය.
මෙම සැකකරු උඩවලව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ බිරිඳ අකුරැස්සේ පදිංචිකාරියකි.ඔහු අකුරැස්සේ බිරිඳගේ නිවසට පැමිණ ළමයින්ගේ සනීපාරක්ෂක තුවා ඇතුලු අපද්‍රව්‍ය බෑගයක් ද රැගෙන යතුරු පැදියෙන් ගාල්ලට පැමිණ ඇත.එසේ පැමිණෙමින් සිටියදී ඔහු අපද්‍රව්‍ය බෑගය සමුද්‍ර මාවතට විසිකර තිබේ.
ඒ සමගම පිටුපසින් පැමිණි නගරාධිපතිවරයා මෙය දැක තම වාහනය යතුරු පැදියට ඉස්සරකර නවතා සැකකරු නගර සභාවට කැඳවා ගෙන ගොස් ඇත. එහිදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නඩු පවරා ඇත.
ගාල්ල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්වන ප්‍රියන්ත ගුරුගේ චිරන්ත ගුරුගේ, ඉන්දික චාමින්ද යන මහත්වරුන් විසින් පැමිණිල්ල මෙහෙයවන ලදි.
අහංගම සුමතිපාල දීයගහගේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
