වරකාපොල පොලිස් වසමේ හුනුවල ප්රදේශයේ කුඹුරු ඉඩමකදී ඊයේ (13දා) විදුලිසැර වැදී සිටි අඹුසැමි යුවලක් වරකාපොල රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් ඇති බවට වරකාපොල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 60 ක් හා මරණකාරිය වයස අවුරුදු 58 ක් වූ හුනුවල, තුල්හිරිය ප්රදේශයේ පදිංචිකරුවන් වේ.
කුඹුරු ඉඩමක් සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අදින ලද විදුලි රැහැනක ගැටී මෙම අනතුර සිදුව ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
අනවසර විදුලි රැහැන් අදින ලද වයස අවරුදු 34 ක් වූ හුනුවල ප්රදේශයේම පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. වරකාපොල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.