අකුරණ ප්‍රාදේශීය සභාවේ ගාලගෝට්ටියක් මාලිමාවේ මන්ත්‍රීවරුන් සභාවෙන් පිටව යති
අකුරණ ප්‍රාදේශීය සභාවේ අද (13) වනදා පැවැති මාසික මහ සභා රැස්වීමේදී එහි උප සභාපති ශ්‍රී ලංකා පොදු ජන පරෙමුණ නියෝජනය කරන චමින්ද තිලකරත්න මහතා කතා කරන අවස්ථාවේ ඔහු විසින් ප්‍රකාශ කරනු ලැබූ ප්‍රකාශයකට ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දැඩි විරෝධය දැක්වීම නිසා සභාව එකම ගාලගෝට්ටියක් බවට පත් විය.
අකුරණ ප්‍රාදේශිය සභාවේ සභාපති සමගි ජන බලවේගය නියෝජනය කරන ඉස්තිහාර් ඉමාදුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද 13 වනදා පෙරවරුවේ එහි මෙම වසරේ මුල් මාසික මහ සභා රැස්වීම අලවතුගොඩ පිහිටි අකුරණ ප්‍රාදේශීය සභාවේ රැස්වීම් ශාලාවේදී ආරම්භ විය. සභාව ආරම්භ වී එහි මූලික කටයුතු අවසන් වීමෙන් අනතුරුව ස්වාධින කණ්ඩායම නියෝජනය කරන අමරජීව ඉන්ද්‍රකුමාර මහතා අදහස් දක්වමින් පසුගියදා ඇති වූ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අකුරණ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය දැඩි ලෙස නායයෑමට ලක් වූ බවත් මාර්ග විශාල ප්‍රමාණයක් නායයැමට සහ ගල් සහ පස් කඳු කටා වැටී අවහිර වී තිබූ බවත්ය. මෙම අවස්ථාවේ ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඇතුළුව සියලු මන්ත්‍රීවරුන් සහ නිලධාරින් එක්ව දින කිහිපයක් තුල ඒවා යථා තත්වයට පත් කිරිමට පියවර ගත් බවද ඔහු කීය. එසේ වුවත් මහනුවර සහ ගාල්ල දිස්ත්‍රික්කයන් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දෙදෙනෙකු පාර්ලිමේන්තුවේදී අකුරණ ප්‍රාදේශිය සභාව කිසිවක් නොකළ බව පැවසීම සභාවට විශාල හානියක් බවත්ය.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ උප සභාපති චමින්ද තිලකරත්න මහතා කතා කරමින්, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් වූ මාර්ග ඇතුළු පොදු ස්ථාන ප්‍රාදේශිය සභාව මුල් වී ඉතා ඉක්මනින් පිළිසකර කළ බවයි. නමුත් මෙම තත්වය නොදැක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වරප්‍රසාදවලට මුවා වී සභාව කිසිවක් නොකළ බවත් ප්‍රකාශ කිරිම දැඩි හෙළා දකින බවයි. මෙම අවස්ථාවේදී උප සභාපතිවරයා තව දුරටත් කතා කරමින් ‘පාර්ලිමේන්තුවේ මෙවන් ප්‍රකාශ කරල අපේ ගම්වලට ආවොත් පහර දී එළවා දමන බවට කළ ප්‍රකාශයත් සමඟ ජාතික ජාතික ජල බලවේගය නියෝජනය කරන වසන්ත කුමාර මහතා එයට දැඩි ලෙස විරෝධය දැක්වීමත් සමඟ සහ අනෙකුත් මන්ත්‍රීවරුන්ද එයට එක් වීම නිසා සභාව එකම ගාලගෝට්ටියක් බවට පත් විය. මෙහිදි මන්ත්‍රීවරුන්ගෙන් සභාවට නොහොබිනා වචන භාවිතා වනුද ඇසෙන්නට ලැබිණ.
මෙම ගාලගෝට්ටියත් සම ඟ ජාතික ජන බලවේගය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් සභාවෙන් පිටය ගිය අතර සභා ශාලාවෙන් පිටතට පැමිණ සභාව ඉදිරිපිටදීද ඔවුහු සිය විරෝධය දක්වමින් කෑ කෝ ගසන්නට වූහ. පසුව විපක්ෂය නියෝජනය කරන මාලිමාවේ මන්ත්‍රීවරුන් නොමැතිව සභාව රැස්වීම පවත්වනු ලැ
සභා රැස්වීමෙන් පිටත්ව ගිය ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අලවතුගොඩ නගරයේ රැ ඳී සිටී අතර ටික වේලාවකින් පාර්ලිමේන්තු මන්ත්‍රී රියාස් ෆාරුක් මහතා එම ස්ථානට පැමිණ මන්ත්‍රිවරුන් සමඟ සාකච්ඡා කර පසුව සභාවේ ලේකම්වරයාද හමුවී සිද්ධිය සම්බන්ධයෙන් විමසා බැලීය.
මොහොමඩ් ආශික්





popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
