හය ශ්‍රේණියේ විෂය මාලා සංශෝධනය ලබන වසර තෙක් කල් තැබීම හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අරම්භ කර ඇති සත්‍යග්‍රහනය නැවැත්වීමට කරුණක් නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
"මොකද ඔහු සත්යග්රහ කරන්නේ අධ්‍යාපන අමාත්‍යධුරයෙන් හා අගමැති ධුරයෙන් අග්‍රාමාත්‍යතුමිය ඉවත් කරන්න. එ අනුව මම හිතනවා ඒ සත්‍යග්‍රහය ඔහුට දිගටම කරගෙන යන්න වෙයි කියලා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ කටයුතුවලට හා විභාග දෙපාර්තමේන්තු කටයුතු වලට බාධා නොවන ලෙසත් මහජනතාවට පීඩාවක් නොවන ලෙසත් අග්‍රාමාත්‍යතුමිය ඉවත් වන තෙක් ඔහුට සත්‍යග්‍රහයක් කරගෙන යා හැකියි.කැබිනට් සංශෝධනයක් වෙන්නේ නෑ. අග්‍රාමාත්‍යවරිය දිගටම සිය ධුරයේ කටයුුතු කරනවා. "