මගමරුවාට බිලි වූ ජීවිත
- 14 01 2026
- 11:49
- {{hitsCtrl.values.hits}} views
- ..
දුම්රියක ගැටී පුද්ගලයෙකු මියයාම - කොල්ලුපිටිය පොලිස් වසම
2026.01.13 වන දින දහවල් කාලයේ කොල්ලුපිටිය පොලිස් වසමේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේදී මරදාන සිට ගාල්ල බලා ධාවනයවූ දුම්රියක ගැටී පුද්ගලයෙකු මියගොස් ඇති බවට කොල්ලුපිටය පොලිස් ස්ථානයට ලද පැමණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 53 ක් වූ මාතර ප්රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය කොළඹ ජාතික රොහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇත. කොල්ලුපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
බස්රථයක ගැටී කාන්තාවක් මියයාම - මහනුවර පොලිස් වසම
2026.01.13 වන දින උදෑසන කාලයේ මහනුවර පොලිස් වසමේ බෝගම්බර බන්ධනාගාරය වටරවුම ආසන්නයේදී බස් රථයක් පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව මහනුවර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත. මරණකාරිය වයස අවුරුදු 70 ක් වූ උඩුපුස්සැල්ලාව ප්රදේශයේ පදිංචිකාරියෙකි.
මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. අනතුරට සම්බන්ධ බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත. මහනුවර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
ලොරි රථයක ගැටී පුද්ගලයෙකු මියයාම - වාරියපොල පොලිස් වසම.
2026.01.13 වන දින සවස් කාලයේ වාරියපොල පොලිස් වසමේ අනුරාධපුර පාදෙනිය මාර්ගයේ කටුවැවවත්ත ප්රදේශයේදී අනුරාධපුර දෙසට ධාවනය වූ ලොරි රථයක් පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ පදිකයා වාරියපොල රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිට ඇත. මරණකරු වයස අවුරුදු 44 ක් වූ මිනුවන්ගැටේ ප්රදේශයේ පදිංචිකරුවෙකි. අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. වාරියපොල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
බස් රථයක ගැටී කාන්තාවක් මියයාම - නිට්ටඹුව පොලිස් වසම.
2026.01.13 වන දින උදෑසන කාලයේ නිට්ටඹුව පොලිස් වසමේ කොළඹ මහනුවර මාර්ගයේ කලගොඩිහේන ප්රදේශයේදී කොළඹ දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ බස් රථයක් පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව වතුපිටිවල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇත.
මරණකාරිය වයස අවුරුදු 62 ක් වූ කලගොඩිහේන ප්රදේශයේ පදිංචිකාරියෙකි. අනතුරට සම්බන්ධ බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත. නිට්ටඹුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
යතුරුපැදියක් ලොරි රථයක ගැටී පැදිකරු මියයාම - මාන්කුලම් පොලිස් වසම.
2026.01.13 වන දින දහවල් කාලයේ මාන්කුලම් පොලිස් වසමේ මහනුවර යාපනය මාර්ගයේ කොකාවිල් ප්රදේශයේදී වව්නියාව දෙස සිට කිලිනොච්චිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය අයිනේ නවතා තිබූ යුධ හමුදා ලොරි රථයක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු කිලිනොච්චිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 64 ක් වූ වව්නියාව ප්රදේශයේ පදිංචිකරුවෙකි. අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත. මාන්කුලම් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී පැදිකරුවෙකු මියයාම - බිංගිරිය පොලිස් වසම.
2026.01.13 වන දින සවස් කාලයේ බිගිරිය පොලිස් වසමේ කොස්වත්ත කඩිගමුව මාර්ගයේ ඉහල කඩිගමුව ප්රදේශයේදී කොස්වත්ත දෙස සිට කඩිගමුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් විරුද්ධ දෙසින් පැමිණි තවත් යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා හා එක් පසු පැදිකරුවෙකු බිංගිරිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පැදිකරුවෙකු මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 17 ක් වූ ඉහල කඩිගමුව ප්රදේශයේ පදිංචිකරුවෙකි. තුවාල කරුවන් වැඩිදුර ප්රතිකාර සඳහා කුලියාපිටිය රෝහලට ඇතුලත් කර ඇත. බිංගිරිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
