saravita-anim2

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා

Latest News - timelapse 228 hours ago

LATEST

වමට සිග්නල් දාපු ආණ්ඩුව දැන් යන්නේ දකුණට

calendar_today 2025 ජුලි 20 - 11:29 remove_red_eye - 198  

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට 19 දා සවස නිරීක්ෂණ චාරිකාවකට පැමිණේයේය.

වර්තමානයේ පොලිස් නිලධාරීන්ගෙන් 40%ක් බෝ නොවන රෝග වලින් පෙළෙන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.

Read More

අයහපත් කාලගුණය හේතුවෙන් වියට්නාමයේ සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 37 දෙනෙකු මිය ගොස් ඇති අතර කිහිප දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇත.

Read More

පාස්කු ප්‍රහාරයට අදාළව සිදුකරන ලද රාජකාරී පැහැර හැරීම් සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව කරනු ලැබූ විනය පරීක්ෂණයටෙ අදාළව වරදකරු බවට පත්ව ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පොලිස් සේවයෙන් පහ කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබේ.

Read More

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන්ට අයත් බව කියන මාතලේ ,මහවෙල පොලිස් වසමෙි කැටවල,හතමුනගාල ප්‍ර දේශයේ පිිහිටි අක්කර 21ක පමණ ඉඩම වන අලින්ගේ වාසභුමියක් කරගෙන තිබෙන බව මාතලේ දිස්ත්‍රික් සමිබන්ධිකරණ කමිටු සභාපති සහ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමැති ගමගෙදර දිසානායක මහතා ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති මාතලේ දිස්ත්‍රික් සමිබන්ධිකරණ කමිටු රැස්වීමෙිදි අනාවරණය විය.

Read More

සබරගමුව පළාත් අපරාධ කොට්ඨාසය කුරුවිට පොලිස් ස්ථාන පරිශ්‍ර යේ විවෘත කරනු ලැබීය. වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මෙම කොට්ඨාසය විවෘත කරනු ලැබීය.

Read More

එහිදී මෝටර් රථයේ රියදුරු හා දැරියන් දෙදෙනා මියගොස් තිබේ. මියගිය දැරියන් දෙදෙනා මාස 9 හා මාස 11ක් වන අතර රියදුරු වයස අවුරුදු 38ක් වන දිවුල්ලෑව, මහව පදිංචිකරුවන් වෙයි. බස් රථයේ රියදුරු හා කොන්දොස්තර හා තවත් මගියෙක් තුවාල ලබා දඹදෙණිය රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබයි. නාරම්මල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Read More

හුන්නස්ගිරිය මීමුරේ ප්‍රාද්ශයේදි ඊයේ 19 වන දින සවස සිදුවු රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු ව තිදෙනෙකු මිය ගොස් ඇති අතර තවත් සිව් දෙනෙකු තෙල්දෙණිය රෝහල වෙත ඇතුලත් කර තිබේ.

Read More

දීර්ඝ පරීක්ෂණයකින් අනතුරුව එකම අංක තහඩු ඇති කොළ පැහැති ත්‍රීරෝද රථ දෙකක් 19 වෙනිදා අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය කියයි.

Read More

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ මෝටර් රථයකට අදාළව කරනු ලැබූ විමර්ශනවලට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.්‍

Read More

දෝව ඓතිහාසික රජමහා විහාරස්ථානය ට නුදුරින් පිහිටි පරෙයියන්ගල කන්දේ හටගත් හදිසි ගින්නකින් අක්කර දහයක පමන කොටසක් විනාශ වී ගොස් සුලගත් සමග ගින්න තව දුරටත් කදුමුදුනේ පැතිර යමින් පවතින බව ඇල්ල පොලිසිය පවසයි .

Read More

තුර්කි රටේ නිෂ්පාදිත නවීන පිස්තෝලයක් සමඟ සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අම්බලන්තොට පොලිසිය සමත්වී තිබේ.

Read More

මුහුදු මාර්ගයෙන් රැගෙන ආ බව කියන රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් අධි බලැති යතුරු පැදි පහක් තලවිල හා නාවක්කාඩු ප්‍රදේශ වලින් පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කල වැටලීමකදි සැකකරුවන් ද සමග අත් අඩංගුවට ගැනිමට හැකිව තිබුනී.

Read More

හැටන් දික්ඔය නගර සභාවේ පළමු මාසික සභා රැස්වීම එම සභාවේ සභාපති ජාතික ජන බලවේගයේ අසෝක කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් (18) දින එම නගර සභා රැස්වීම් ශාලාවේදි පැවැත්විණ.

Read More

ඊශ්‍රායලයේ Kiryat Malakhi ප්‍රදේශයට ආසන්නයේ ඊයේ උදේ තම සේවා කටයුතු සඳහා ගමන් කරමින් සිටි ඊශ්‍රායලේ කෘෂිකාර්මික සේවය කරන ලංකාවේ තරුණයින් 20 ක් රැගත් බස් රථයක් හදිසි ගිණි ගැනීමකට ලක් වූ අතර ගින්නෙන් බස් රථය සම්පුර්ණයෙන්ම විනාශ වී තිබේ.

Read More

ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සලකා බලන ලද අතර ලබන 24 වැනිදා දෙවැනිවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදාළ අනුමතිය හිමිවිය.

Read More

නෝර්ටන්බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජල පෝෂක ප්‍රදේශවලට (18) දින රාත්‍රියේ සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය (19) දින උදෑසන සිට වාන් දැමීමට පටන්ගෙන ඇත.

Read More

අත්‍යවශ්‍ය නොවන අවස්ථාවක රූපවාහීනි සංස්ථාවට ජී”අයි” බට මිලදී ගෙන රජයට රුපියල් ලක්‍ෂ 10කට ආසන්න පාඩුවක් කළ බවට චෝදනා ලැබ සිටින අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි නඩුව ඔක්තෝබර් 28 වැනිදා සිදු කිරීමට සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය අද (18) තීරණය කළාය.

Read More

සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ , ඒවා කල් ඉකුත් වූ පසුත් , නීතිවිරෝධී ලෙස කිරුලපන ප්‍රදේශයේ නිවෙසක රැදී සිටිමින් , අන්තර්ජාලය ඔස්සේ සූදු ඔට්ටු ඇල්ලීමේ ජාවාරමක නිරත වී සිටි ඉන්දීය ජාතිකයන් 21 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 07/18 දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

අද උදෑසන කාලයේ දෙහිවල පොලිස් වසමේ දුම්රිය පොළ ප්‍ර දේශයේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙක් කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය කියයි.

Read More

බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ මීනගයා දුම්රියට කදුරුවෙල ගල්ලෑල්ල ප්‍රදේශයේදී අද 18 වෙනිදා අලුයම පහයි තිහට පමණ වන අලියෙකු ගැටීමෙන් එම වන අලියා මියගොස් ඇති බව පොළොන්නරුව වනජීවී නිලධාරීන් සඳහන් පවසයි.

Read More

නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව වියළි කළාප සංවර්ධන ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂ ජනරාල්ධුරයට පුද්ගලයකු පත් කිරීම සහ නීතී්‍යානුකූල නොවන ආකාරයට එහි ව්‍යාපෘති වලට සිය හිතවතුන් පත් කිරීමට අමාත්‍යාංශ ලේකම්වරයා පෙළඹවීම මඟින් දඬුවම් ලැබිය යුතු වැරදි කළ බවට චෝදනා කරමින් හිටපු කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය සහ වියළි කළාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ චන්දාණී බණ්ඩාර මහත්මියට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුව ලබන 28 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ

Read More

දකුණු කොරියාවට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් 1,300 කට වැඩි පිරිසක් ඉවත් කර ඇති අතර, අකාලයේ ඇති වන ජලගැල්ම දිගටම පවතිනු ඇතැයි බලධාරීන් අනතුරු අඟවා ඇත.

Read More

ගිරාඳුරු කෝට්ටේ පාසල අසල වැව ආසන්නයෙන්මිය ගිය වන අලියෙකුගේ සිරුරක් අද 18 හමුවූ බව ගිරාඳුරුකෝට්ටේ පොලිසිය පැවසීය.

Read More

වලස්මුල්ල - වරාපිටිය, හාල්දොළ කන්ද ප්‍රදේශයේ නිවසක් පිටුපස ඉඩමක පසුගිය මැයි 11 වැනිදා වළ දමා තිබූ මළ සිරුරක් වලස්මුල්ල අධිකරණයේ නියෝග මත ඊයේ ( 17) ගොඩ ගැනුණි.

Read More

බ.ඉ.කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහරාත්මක පිතිකරු හා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩ්‍රේ රසල් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙන බව ප්‍රකාශ කර ඇත. ඒ සංචාරක ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ජැමෙයිකාවේදී පැවැත්වෙන තරග දෙකෙන් අනතුරුවයි.

Read More

ප්‍රසිද්ධ තීන්ත සමාගමකින් රුපියල් එක්කෝටි දාහතර ලක්ෂයකට ආසන්න මුදලක් වංචා කල එම සමාගමෙහි අලෙවි කළමණාකරුවෙකු අත්අඩංගුවට ගත්බව පානදුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි .

Read More

විදේශගත පරිත්‍යාගශීලීන් විසින් මෙරට රජයේ රෝහල් සඳහා පරිත්‍යාග වශයෙන් මෙරටට එවන ගිලන් රථ, වෛද්‍ය උපකරන කට්ටල, රෝහල් ඇඳන් ආදිය සඳහා වසර දහයක් පමන ලබාදී තිබු තීරු බදු සහන මුදල් ලබාදීම අමාත්‍යංශය විසින් පසුගිය ජූනි මාසයේ සිට අත්හිටුවා ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් ඊ⁣යේ ( 17 ) කරන ලද විමසිමකදී ඒ මහතා පැවසීය.

Read More

ඒ අනුව තේ කිලෝග්‍රැම් 1ක් මත රු.3/- ක බලපත්‍ර ගාස්තුවක් ගෙවීමටද එම බලපත්‍ර ගාස්තුව තේ වගාව හා කර්මාන්තයේ සංවර්ධනය හා ප්‍රවර්ධනය සඳහා යොදා ගැනීමට මෙමගින් අපේක්ෂා කරන බව නිලධාරීහු පැවසුහ. එම මුදල ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් පිහිටුවා ඇති ප්‍රාග්ධන අරමුදලට බැර කිරීමට ද අපේක්ෂිතය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.