තවත් වනාන්තර 20ක් රක්ෂිත ලෙස ගැසට් කරයි
“වනස්පති” ජාතික වැඩසටහනට සමගාමිව තවත් වනාන්තර 20ක් රක්ෂිත ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ සහභාගීත්වයෙන් නුවරඑළිය සදතැන්න වන විද්‍යාලයේදී හෙට (26) සිදු කිරීමට නියමිතය.
ඒ අනුව හෙට දිනයේ නුවරඑළිය,කෑගල්ල අම්පාර, බදුල්ල, වව්නියාව හා අනුරාධපුර යන දිස්ත්‍රික්ක තුල පිහිටි වනාන්තර 20ක් රක්ෂිත ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් වන අතර එහි භුමි ප්‍රමාණය හෙක්ටයාර 9538කට ආසන්නය.
මේ වන විට වත්මන් රජයේ පරිසර අමාත්‍යංශය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග එක්ව වනාන්තර 93ක් රක්ෂිත ලෙස ගැසට් කර ඇති අතර හෙට දිනයේ ගැසට් වන රක්ෂිත සමග ඒවායෙහි මුළු භූම් ප්‍රමාණය හෙක්ටයාර 65,000කට ආසන්නය.
රජයේ “තිරසර ජෛව ගෝලයක් – සදාහරිත ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රධානතම පොරොන්දුවක් වූ ලස්සන පරිසරයක් මතු පරපුරට උරුම කරදීම උදෙසා කැපවීමේ එක් අරමුණක් ලෙස 2032 වසර වන විට ශ්‍රී ලංකාවේ සමස්ත වනාන්තර ප්‍රමාණය 32% කින් ඉහළ නැංවීමේ දිගුකාලීන ඉලක්කය සපුරා ගැනීම වෙනුවෙන් මෙරට සංවේදී වනාන්තර කලාප නීත්‍යානුකූලව ආරක්ෂිත රක්ෂිත බවට පත් කිරීමේ සිදු වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

