ඉන්දියාවේ පාසල් අවට ක්ෂණික ආහාර අලෙවියට තහනමක්
ළමුන් වඩාත් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට යොමු කිරීමේ අරමුණින්, පාසල් තුළ සහ ඒ ආසන්නයේ 'ජන්ක් ෆුඩ්' (පෝෂණ ගුණයෙන් අඩු, අධික මේදය හා සීනි සහිත ක්ෂණික ආහාර) තහනම් කිරීමට ඉන්දියාව පියවර ගනිමින් සිටී.
මෙම නව රෙගුලාසි මගින් පාසල්වල සිට මීටර් 50ක් ඇතුළත ප්‍රදේශයේදී අධික මේදය සහ සීනි සහිත ආහාර අලෙවි කිරීම සීමා කරනු ඇත.
මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම භාරව සිටින 'ඉන්දීය ආහාර සුරක්ෂිතතා සහ ප්‍රමිති අධිකාරිය' (FSSAI) ප්‍රකාශ කළේ, ළමුන්ව මුල් අවධියේදීම සෞඛ්‍යයට අහිතකර පුරුදුවලින් ඈත් කිරීම මෙම සැලැස්මේ අරමුණ බවයි.
මෙම නීතිය ඉන්දියාවේ පාසල් මිලියන 1.5කට ආසන්න සංඛ්‍යාවක් අසල පිහිටි වෙළඳසැල්, අවන්හල් සහ ආහාර අලෙවි කුටිවලට බලපානු ඇත.
මෙම නීතිය යටතේ වුවද, ව්‍යාපාරික ස්ථානවලට වැඩිහිටි පාරිභෝගිකයින් වෙත සමෝසා, පීසා සහ බර්ගර් වැනි ආහාර අලෙවි කිරීමට අවසර හිමිවනු ඇත.
කෙසේ වෙතත්, මුම්බායි නගරය පිහිටි මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය දැනටමත් පාසල්වල සිට මීටර් 50ක් ඇතුළත පිහිටි සියලුම වෙළඳසැල්වල අධික මේදය, සීනි සහ ලුණු සහිත නිෂ්පාදන අලෙවි කිරීම තහනම් කර ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

