මාවුස්සාකැලේ ජල පෝෂක ප්ර දේශවලට (24) දින ඇදහැලුණු අධික වර්ෂාවත් සමග මාවුස්සාකැලේජලාශයේ වාන් දොරටු දෙකක් අගල් 3 බැගින් විවෘත කල බව එම ජලාශ භාර ඉංජිනේරුවරයා පැවසීය.
එම ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමත් සමග ඊට පහළින් වූ කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් සහ ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කල බවයි එම නිළධාරියා කියා සිටියේ.
මාවුස්සාකැලේ ජලාශයට (24) දින මිලිමීටර් 126ක වර්ෂාපතනයක් පතිත වී ඇති අතර, කාසල්රි ජල පෝෂක ප්ර දේශවලට මිලිමීටර් 97ක වර්ෂාපතනයක් පතිත වී ඇත.
කාසල්රි ජලාශය පිටාර මට්ටමට ආසන්න වී ඇති බවයි එම ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියේ. එම ජලාශවල වාන් දොරටු විවෘත කිරිමත් සමග කැළණි ගගේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව නුවරඑලිය දිස්ත්රික් ආපදා කලමණාකරන ඒකකය පැවසීය.

