2025.09.30 වන විට අපේක්ෂිත බදු ආදායම රු. මිලියන 1,610,599 ක් වූ බවත් ඒ අනුව රු. මිලියන 1,641,997 ක් උපයා ඇති බවත් (සියයට 102ක ප්‍රතිශතයක්) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පසුගියදා ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට පැවසූහ. 2025 වසරේ සමස්ත බදු ආදායම් ඉලක්කය වන රු. මිලියන 2,195,220 ක ප්‍රමාණයෙන් මේ වන විට රු. මිලියන 1,641,997ක් සපුරා ඇති බව
අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකුගේ පත්වීම් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය පසුගියදා (08) හිමිවිය.
Read Moreරුසියානු තෙල් මිලදී ගැනීම නැවැත්වීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එකඟ වී ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. යුක්රේන - රුසියා යුද්ධය අවසන් කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස ක්‍රෙම්ලිනයට ආර්ථික පීඩනය යෙදීමට එක්සත් ජනපදය ගන්නා උත්සාහයක් අනුව ඉන්දියාව රුසියාවේ තෙල් මිලදී ගැනීම නවතා දැමිය යුතු බව ඇමෙරිකා ජනපති සඳහන් කරයි.
Read Moreමෙම නීතිය කඩකරන කොන්දොස්තරවරුන් දින 3ක වැඩ තහනමකට හා දඩයකට ලක්වන අතර ටිකට්පත් සන්තකයේ තබා නොගන්නා මගීන්ට ද රුපියල් 100ක මුදලක් හා ගමන් ගාස්තුව මෙන් දෙගුණයක දඩ මුදලක් ගෙවීමට සිදුවන බව දන්වා සිටියි.
Read Moreගාල්ල දිස්ත්‍රික්කයේ දැඩි පෝෂණ හිගය ඇති අවුරුදු පහට අඩු දරුවන් 527 දෙනෙකු සිටින බව පවුල් සෞඛ්‍ය කාර්යංශය මගින් 2025 වර්ෂයට අදාළව පෝෂණ මාසය නිමිත්තෙන් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ. එම වාර්තාවට අනුව මධ්‍යස්ථ පෝෂණ හිගයෙන් පෙළෙන වයස අවුරුදු පහට අඩු දරුවන් සංඛ්‍යාව 4767 දෙනෙකි.
Read More2021 වර්ෂයේදී අනිවාර්ය නිවාඩු යැවූ මුදල් අධ්‍යක්ෂවරයෙක් ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියට විරුද්ධව ගොනුකළ නඩු සම්බන්ධයෙන් කටයුතු කිරීමට අධිකාරිය විසින් රු මිලියන 15.01 ක් වැයකර ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වෙයි.
Read More1986 වසරේ දී ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් වර්ණවීර මහතා වසර 8කට අධික කාලයක් ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් කණ්ඩායම් නියෝජනය තිබුණි. 1994 වසරේ දී ඔහු ක්‍රිකට් පිටියෙන් සමුගන්නා ලදී .
Read Moreමේ අතර, කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව ඩුබායි රාජ්‍යයේ රැකියා සඳහා යොමුකිරීමට තලවාකැලේ ප්‍රදේශයේ පදිංචි අයෙකුගෙන් රුපියල් ලක්ෂ 6ක මුදලක් ලබාගත්, ජාඇල, කළඑළිය ප්‍රදේශයේ පදිංචි හිටපු නගරාධිපතිවරයෙකුගේ පුතෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් ඊයේ දින (10/15) අත්අඩංගුවට ගන්නා ලදී.
Read More2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර තරගය අද(16දා) පැවැත්වේ.
Read Moreකුරුණැගල ශික්ෂණ රෝහලේ අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරික්ෂණ සිදුකරණ උපකරණ 02ක් අක්‍රියවිම නිසා ශරිරයේ විවිධ අංශ හා අවයව සදහා ස්කෑන් පරික්ෂණ වෙනුවෙන් මෙම වර්ෂයේ මැයි මස වනවිට දින ලබාදි ඇති රෝගින්ගේ සංඛ්‍යාව 2138 දක්වා වැඩිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
Read Moreඅනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු හා යතුරු පැදියේ රියදුරු ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව අත් අඩංගුවට ගැනීමට නියමිතව ඇති අතර වරකාපොළ පොලීසියේ රථවාන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිසානායක මහතා ඇතුළු කණ්ඩායමක් විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි
Read Moreගාල්ල ජර්මන් ශ්‍රිලංකා මිත්‍රත්ව කාන්තා රෝහල විසින් හිග විදුලි ගාස්තු හා අධිභාර මුදල් වශයෙන් රුපියල් මිලියන 27.23ක මුදලක් තවදුරටත් විදුලි බල මණ්ඩලයට ගෙවිමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
Read Moreඅධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඇප මත මුදාහැර සිටින නීතිඥ ගුණරත්න වන්නිනායක බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයට පැමිණ ඇති බව වර්ථාවෙයි.
Read Moreපළාත් සභා මැතිවරණය ලබන වසරේ කුමන හෝ ක්‍රමයකට අනිවාර්යෙන්ම පවත්වන බව කෘෂිකර්ම ඉඩම් වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා කීය. මහනුවර දී ඊයේ (15දා) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කීය.
Read Moreසමගි ජන බලවේගය සමඟ සාකච්ඡා කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
Read Moreදිවයිනේ බොහෝ ප්‍ර දේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒසේම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව හා වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව ඒම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
Read Moreරත්මලාන වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ (UNIVOTEC) අධ්‍යයන පාඨමාලා නැවත සමාලෝචනය කිරිම සහ ජාතික මෙන් ම ජාත්‍යන්තර මට්ටමට ගැළපෙන ලෙස ඒවායෙහි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යතුමිය වෙත නිර්දේශ හා යෝජනා ලබා දීමට සාමාජිකයන් හය දෙනෙකුගෙන් (6) යුත් විශේෂඥ කමිටුවක් පත් කර ඇත.
Read Moreඅග්‍රාමාත්‍ය හරිි අමරසූරිය මෙනවිය ඉන්දියාවේ රාජතාන්ත්‍රික නිල සංචාරයක් සඳහා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය.
Read Moreපැවති ධාරාණිපාත වර්ෂාව නිසා ඊයේ 15 රාත්‍රී හාලිඇල මැදම්පිටිගම අඟුරුමලේ උණගොල්ල වත්ත ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එහි සිටි සිව් දෙනකුගේ ජීවිත අනූනමයෙන් බේරී ඇතැයි හාලිඇල පොලිසිය පැවසීය.
Read Moreගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුල පසුගිය සිකුරාදා දින පොලිස් නිලධාරියෙකු ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද දින (15) අධිකරණයට ඉදිරිපත් වූ සැකකාර නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා රුපියල් ලක්ෂ 5 බැඟින් වූ ශරීර ඇප දෙකක් හා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද නියෝග කළා.
Read Moreසංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ’ගණේමුල්ල සංජීව’ ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු කණ්ඩායම රැගත් ගුවන්යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟාවිය. ඉෂාරා සෙව්වන්දි සමග හය දෙනෙක් නේපාලයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙසේ දිවයිනට ගෙන එනු ලැබීය.
Read Moreපාර්ලිමේන්තුව ඔක්තෝබර් 21 සිට 24 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවාය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 10 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය මෙ බව තීරණය වී ඇත.
Read Moreපුත්තලම නව අධිකරණ ගොඩනැගිල්ල අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතාගේ සහභාගිත්වයෙන්දි අද විවෘත කරනු ලැබීය. මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 202ක් වැය කර තිබේ.
Read Moreයෝජිත කම්කරු නීති ප්‍රතිසංස්කරණය යටතේ ප්‍රධාන පනත් කෙටුම්පත් හතරක් හඳුන්වා දීම පිළිබඳව සලකා බලමින් සිටින බව ගරු කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. ඒ කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පසුගිය 08 වන දා ගරු කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී ය. ගරු කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ද රැස්වීමට සහභාගී විය.
Read Moreමෙම ව්‍යාපෘතිය රටවල් දෙකටම වැදගත් වන ව්‍යාපෘතියක් හෙයින් කඩිනමින් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ලියැංගොං මහතා එකඟතාව පළ කළේ ය.
Read Moreහමාස් සංවිධානය සිය අවි බිම තැබි යුතු බවත් ඔවුන් එසේ නොකරන්නේ නම් තමන් මැදිහත්ව එය සිදුකරන බව එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය.
Read Moreතද වැසි පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබේ. අද පස්වරු 3.00ට නිකුත් කළ මෙම නිවේදනය හෙට දින පෙරවරු 8.30 තෙක් වලංගු වෙයි.
Read Moreබොගවන්තලාව වතුයායේ නිවසක තොටිල්ලක එල්ලී සිටියදී 13 හැවිරිදි දැරියකගේ ගෙල සිරවී මියගොස් සිටි මළ සිරුරක් සොයාගෙන ඇති බව බොගවන්තලාව පොලිසිය පවසයි.
Read Moreඅග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2025 ඔක්තෝබර් 16 වැනි දින සිට18 වැනි දා දක්වා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වේ.
Read More