බස්වලට සවිකළ ජීපීඑස් පද්ධති සියයට 56ක්ම අක්‍රීයයි
අන්තර්පළාත් බස්රථවල ජි.පි.එස් (G P S) පද්ධති 2834ක් ඉකුත් වර්ෂය තුල (2025) ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සවිකොට තිබුණද මෙම වර්ෂයේ ජනවාරි මස වනවිට එම පද්ධති 1613 ක් එනම් සියයට 56ක් ක්‍රියාවිරහිතව පැවති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
මෙකි ජි.පි.එස් පද්ධති රුපියල් හැත්තැඅටලක්ෂ,තිස්අටදහස් තුන්සිය විසිනමයක (7,838,329) වියදමක් දරා සවිකොට තිබුණි. කඩිනමින් මෙම පද්ධති ක්‍රියාකාරි තත්ත්වයට පත්කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
මේ පිළිබද ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් විගණනයට සදහන්කොට ඇත්තේ අක්‍රිය තත්ත්වයේ පවතින ජි.පි.එස් පද්ධතිවලින් වැඩි සංඛ්‍යාවක් සාමාන්‍ය බස්රථවල සවිකරණු ලැබු ජි.පි.එස් පද්ධති බවය. මුදල් වැයකොට ඇත්තේ G P S උපකරණවල සිම්කාඩ්පත් නඩත්තුව, දත්ත සම්ප්‍රේෂණ සබදතා, G P S පාලන මැදිරිය තුල තාවකාලික වැඩපැවරුම් මත සේවයේ යොදවා සිටින කාර්යමණ්ඩලයේ මාසික දිමනා බවද කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන්කොට ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

