අත්බෝම්බයක් එල්ල කර දරුවන් දෙදෙනෙක් ඝාතනය කිරිමට තවත් දෙන්නෙක් අල්ලයි
- 26 09 2026
- 08:26
- {{hitsCtrl.values.hits}} views
- ..
2026.09.11 දින දෙහිවල පොලිස් වසමේදී නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර දරුවන් දෙදෙනෙකු ඝාතනය කිරීම හා ඔවුන්ගේ පියාට බරපතල තුවාල සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබිණි.
මෙම අපරාධය සිදුකල ප්‍රධාන සැකකරු හා ඊට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු 2026.09.17 දින රිදීමාලියද්ද, දෙහිවල හා බොරැලැස්ගමුව පොලිස් වසම්වලදී විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙම අපරාධයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 960 ක් සහ අපරාධය සඳහා යොදාගත් ත්‍රී රෝද රථයක් ද සමඟ 2026.09.25 වන දින දෙහිවල පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන ඇත.සැකකරුවන් අවුරුදු 30 සහ 31 වයස්වල පසුවන පිළියන්දල සහ කහතුඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

