මාවුස්සාකැලේ ජල පෝෂක ප්රදේශවලට (24) දින ඇදහැලුණු අධික වර්ෂාවත් සමග මාවුස්සාකැලේජලාශයේ වාන් දොරටු තුනම අගල් 4 බැගින් විවෘත කල බව එම ජලාශ භාර ඉංජිනේරුවරයා පැවසීය.
(24) දින එම ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබූ අතර, එම ජලාශයට තව දුරටත් ඇදහැලෙන වර්ෂාවත් සමග වාන් දොරටු තුනම විවෘත කල බවයි ඉංජිනේරුවරයා කියා සිටියේ.
මාවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමත් සමග ඊට පහළින් වූ කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් සහ ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කල බවයි එම නිළධාරියා කියා සිටියේ.ලක්ෂපාන ජලාශයේ පහළට කඩා හැලෙන ජල ධාරිතාවයද ඉහළ ගොස් ඇත.
එම ජලාශවල වාන් දොරටු විවෘත කිරිමත් සමග කැළණි ගගේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව නුවරඑලිය දිස්ත්රික් ආපදා කලමණාකරන ඒකකය පැවසීය.

