saravita-anim2

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා

Latest News - timelapse 198 hours ago

LATEST

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම්

calendar_today 2025 සැප් 13 - 14:27 remove_red_eye - 2882  

පාර්ලිමෙන්තුව විසින් සම්මත කරනු ලබන නිතිය අනුව ඕනෑම අවස්ථාවක පළාත් සභා මැතිවරණය පැවැත්විමට සුදානම් බවත් ඒ සදහා අය වැයෙන් මුදල් ප්‍රතිපාදන වෙන්ව ඇති බවද මැතිවරණ කොමසාරිස් ජනාරල් සමන් ශ්‍රි රත්නනායක මහතා මාතලේ දි පැවසිය.

අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ 2026 වර්ෂය සඳහා වූ අයවැය ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි විය.

Read More

බෝඩ් ලෑල්ලට පමණක් සීමාවී තිබෙන රාජය ආයතන වසා දැමීමට රජය තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා බලපිටියේ පැවති උත්සවයකදී කීවේය

Read More

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කළමණාකරණ පද්ධතිය දියත් කිරීම සහ නවීකරණය කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ වෙබ් අඩවිය විවෘත කිරීම අග්‍රවිනිශ්චයකාර ප්‍රිති පද්මන් සුරසේන, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, මහින්ද සමයවර්ධන සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා මහත්වරුන් අතින් සිදු විය.

Read More

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය අද රාත්‍රී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතය. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 8ට ආරම්භ වීමට නියමිතය.

Read More

2025.08.07 වන දින බොරැල්ල පොලිස් වසමේ සහස්පුර සිරිසරඋයන ක්‍රිඩාංගණයේදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල සිදුකිරීමේ අපරාධය සම්බන්ධයෙන් ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ වැටලීම් ඒකකය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි.

Read More

හෙද අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාව සඳහා විද්‍යාවේදී (හෙද) උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය 2025 සැප්තැම්බර් මස 13 සහ 14 දෙදින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත් වේ. වැඩිදුර තොරතුරු www.health .gov.lk නිල වෙබ් අඩවියට ලබාගත හැක.

Read More

මේ වන විට වැඩ නවතා ඇති මධ්‍යම අධිවේගයේ ආරම්භක කොටසේ හා කඩවත සිට මීරිගම දක්වා වන කොටසේ වැඩ යළි ආරම්භ කිරීම ලබන 17 දා සිදුකරන බව රජය නිවේදනය කරයි.ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහි වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමට නියමිතය.

Read More

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ට මතු වී ඇති ගැටලු කිහිපයක් විසඳා ගැනීම සම්බන්ධයෙන් වෘත්තීය සංගම් නියෝජිතයන් සහ අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මැතිතුමා, මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සමඟ පැවති සාකච්ඡාවක් 2025/09/12වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යතුමියගේ කාර්යාලයේ දී පැවැත්විණි.

Read More

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට පහළොවක ප්‍රතිශතයක් කරා ළගා වෙමින් පවතින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යන අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි.

Read More

මේ වන විට රට තුළ ඇති වී තිබෙන ආර්ථික ස්ථාවරත්වය මත පදනම්ව ඉදිරි ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීම රජයේ අරමුණ බවත්, එහිදී කර්මාන්තකරුවන්ට සහ ආයෝජකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය කිරීමට රජය නොපැකිළව කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

Read More

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට පැයකට 35 වතාවක් හුස්ම හිරවීමේ රෝගයක් පවතින බව අද අධිකරණයේදී හෙළිවිය. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ර‌ාජ්‍ය අමාත්‍යවරයා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහුට ඇප ලබාගැනීමට නීතිඥවරු ඉදිරිපත් කළ සුවිශේෂී කරුණු අනුව මෙම කරුණද දැක්වීය.

Read More

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) අභිනව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු කබීර් හෂීම් මහතා තේරී පත්විය.

Read More

ඇල්ල වැල්ලවාය මාර්ගයේ 15 කනුව ප්‍රදේශයේ දී සිදුවු මාරක විනෝද චාරිකා බස්‍ රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ශන රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද (12) පස්වරුවේ මිය ගිය බවත්, ඒ අනුව එම අනතුරින් මිය ගිය ගණන 16 දක්වා ඉහලගිය බව ඇල්ල පොලිසිය පවසයි .

Read More

රුපියල් කෝටි 27කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල මහතාට එරෙහිව අල්ලස් කොමිසම අධිචෝදනා ගොනුකර තිබේ.

Read More
රතන හිමිට ඇප
12 09 2025 17:01:00
0 95

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇපමත මුදා හැරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. රතන හිමියන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 10,000ක මුදල් ඇපයක් මත මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

Read More

නතාවගේ ආදරය සහ ලෙංගතුකම තරම් වටිනා දෙයක් මා හට නොමැත. අතීතයේ ලද ජනතා ආදරයම අද ද ඒ අයුරින්ම ලැබීම මා ලද වරප්‍රසාදයයි. එම වරප්‍රසාදය අහිමි කිරීමට කිසිවෙකුට නොහැක.

Read More

වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනතේ වගන්ති සහ සයිටිස් ( CITES ) සම්මුතියේ වගන්ති උල්ලංඝනය කරමින් , නීතිවිරෝධී ලෙස සර්පයන් 06 දෙනෙකු රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ගුවන් මගී කාන්තාවක් 09/11 දින රාත්‍රී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සහ ජෛව විවිධත්ව සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් තමන් වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරු මත අත් අ

Read More

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවට වාර්ථා වෙයි.

Read More

නොර්වූඩ් ප්‍රධාන මාර්ගයේ ප්‍රමාණය ඉක්මවා පාසල් සිසුන් ප්‍රවාහනය කරන ලද ත්‍රී රෝද රථයක් සහ මෝටර් රථයක් අනතුරට ලක් වී පාසල් සිසුවෙක් සහ ත්‍රී රෝද රථයේ රියදුරු රෝහල්ගත කරයි .

Read More

මිනි මැරිම් හා මිනි මැරිමට තැත්කිරිමේ සිද්ධියකට සම්බන්ධව මාතලේ මහාධීකරණයේ විභාග වන නඩුවක් සදහා පැමිණී ප්‍රධාන සාක්ෂිකාරියකට මහාධිකරණ භූමිය තුළ බැන තර්ජනය කළ විත්තිකරුවෙකුට වසර 09ක බරපතල වැඩසහිතව සිරදඩුවම් නියම කිරිමට මාතලේ මහාධීකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉකුත්දා නියෝග කළේය.

Read More

පිළියන්දල මධ්‍ය විද්‍යාලීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරැණි පාර්ලිමේන්තු සභා ගර්භයයේ දී පසුගිය 04 වැනිදා පැවැත්විණි. ඒ පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

Read More

සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන ඒකාබද්ධව කටයුතු කළ යුතුයි පළාත් මට්ටමින් සංවර්ධන අවශ්‍යතා හඳුනා ගනිමින් පොදු සංවර්ධන සැලැස්මක් සකස් කරන්න - ජනපතිගෙන් පළාත් ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස්

Read More

පසුගිය දා ඇල්ල ප්‍රදේශයේදි 15 දෙනෙකුට මරු කැදවමින් තවත් විශාල පිරිසකට බරපතල ලෙස තුවාල සිදු වු බස් රථයේ වටිනාකමට වඩා බස් රථයේ මෝස්තර සදහා අයිතිකරු විසින් මුදල් වැය කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මහතා මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් (12) දින පැවසීය. බස් රථ අනතුරේ විමර්ෂණ කටයුතු සදහා තමන්ද සහභාගි වූ බවත්, එහිදි බස් රථයේ අයිතිකරු සමග සාකච්ඡා කිරිමේදි බස් රථය ලක්ෂ 55කට මිලදී

Read More

2026 වර්ෂයට රජයේ හා රජයේ ආධාර ලබන පාසල් සිසුන්ට අවශ්‍්‍ය සමස්ත නිල ඇඳුම් ප්‍රමාණයම ප්‍රදානයක් ලෙස ලබාදීමට චීන රජයේ එකඟ වී ඇත.

Read More

හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චෝදනාවට වරදකරු වූ බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට වසර 27ක් සහ මාස තුනක සිර දඬුවමක් නියම කර තිබේ.

Read More

2026 අයවැය නොවැම්බර් 7 සිට දෙසැම්බර් 5 දක්වා - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි අයවැය පළමුවර කියවීම සැප්තැම්බර් 26

Read More

එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතායතනයේ ප්‍රධානීහු පිරිසක් අද (11) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී සාකච්ඡා පැවැත්වූහ.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව, උතුරු පළාතේ ධීවර කටයුතු ආශ්‍රිත ගැටළු සාකච්ඡා කිරීමේ වැඩසටහනක් 2025 සැප්තැම්බර් මස 09 වැනි දින ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ උතුරු පළාත් ධීවර සංගම් නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්, විධාන මූලස්ථානයේදී, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Read More

2025 වර්ෂයේ සිට පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම (5 සහ 6 ශ්‍රේණි හැර) සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2025.09.09 දිනැතිව 27/2025 චක්‍රලේඛය නිකුත් කර ඇත. එම චක්‍රලේඛය ප්‍රකාරව 2025 අධ්‍යයන වර්ෂයේ ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවල පවතින පුරප්පාඩු සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම සිදු කරනු ලබයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.