හබරාදූව පොලිස් වසමට අයත් පිටිදුව ප්රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ අවිවාහක සහෝදරියන් දෙදෙනෙකු කෲර ලෙස ඝාතනය කර තිබියදී අද (08) සොයාගත් බව හබරාදූව පොලිසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 86 සහ 81 යන වයස්වල පසුවූ විශ්රාමික ගුරුවරියන් දෙදෙනෙකි.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම කාන්තාවන් දෙදෙනා විශාල ඉඩමක පිහිටි නිවසක තනිව වාසය කර ඇති බවයි. නිවස පිටුපස ස්ථාන දෙකක තිබී මොවුන්ගේ මළ සිරුරු සොයාගෙන ඇත.
ඝාතනයට හේතුව හෝ ඊට සම්බන්ධ පුද්ගලයන් කවුරුන්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හබරාදූව පොලිසිය සහ ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය එක්ව වැඩිදුර පරීක්ෂණ පවත්වති.
