පසුගිය මාස නවය තුළදී, විගමනික ශ්‍රමිකයන් 211,666 ක් රැකියා සඳහා විදේශගත වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. මෙලෙස විදේශ ගත වූ ශ්‍රමිකයින්ගෙන් 141,916 ක් ස්වයං මාර්ගයෙන්ද 69750 දෙනෙකු විදේශ රැකියා නියෝජිත ආයතන මගින්ද විදේශගතව ඇති බවයි කාර්යාංශය සඳහන් කරන්නේ.
විදේශගත වූ ශ්‍රමිකයින් ගෙන් 141,916 ක් පිරිමි ශ්‍රමිකයින් වන අතර විදේශගත වූ කාන්තා ශ්‍රමිකයින් ගණන 76905 ක් වේ. මේ අතරින් 108,343 දෙනෙකු වෘත්තීය ශ්‍රමිකයන් වීමද විශේෂ විශේෂ වේ. එමෙන්ම මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස 9 ක කාලය තුළ වැඩිම පිරිසක් විදේශගතව ඇත්තේ සැප්තැම්බර් මාසයේ වන අතර එම ප්‍රමාණය ගණනින් 29752 ක් වේ.
තවද 2026 වර්ෂයේ මුල් මාස 8 ක කාලය තුළ විගමනික ශ්‍රමික ප්‍රේෂණ ඇමෙරිකානු ඩොලර් මිලියන 6131 ක් ශ්‍රී ලංකාවට ලැබී ඇති බවද කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.