2023 දෙසැම්බර් 31 වැනිදා වැලිගම පැලෑන w 15 හෝටලයට වෙඩි තැබීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා ඇතුළු සැකකරුවන් අට දෙනෙකුට එරෙහිව මාතර මහාධිකරණයේදී අද (07) දින අධි චෝදනා භාරදෙන ලදී.
මෙම නඩුවට හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා ඇතුළු සෙසු සැකකරුවන් අටදෙනා අද මාතර මහාධිකරණයේදී පෙනී සිටියහ.
ඉන් අනතුරුව සැකකරුවන් 08 දෙනාට එක් අයෙකුට මුදලින් රුපියල් දෙලක්ෂ පනස්දහස බැගින් හා ලක්ෂ 50 බැගින් ශරීර ඇප 04ක් ද මත මුදාහැරීමට නියෝග කෙරුණි. එම ඇප හතරෙන් දෙදෙනෙක් ළඟම ඥාතීන් විය යුතු යන්න ද එම ඇප කොන්දේසියේ සඳහන්ය. නඩුව යළිත් ලබන නොවැම්බර් 27 වන දින කැඳවීමට නියමිතව තිබේ.