එක්සත් ජාතික පක්ෂ 79 වෙනි සංවත්සරය ලබන 20 වන සෙනසුරාදා උදෑසන 9.00 ට ජයවර්ධනපුර, මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී සැමරීමට කටයුතු කර තිබෙන බව පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවැසීය.
කහටගස්දිගිලිය පොලිස් වසමේ බේත්කෑව ප්‍රදේශයේදී ඊයේ (14දා) සවස් කාලයේ වන අලියෙකු පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බවට ලද තොරතුරක් මත කහටගස්දිගිලිය පොලිස් ස්ථානය විමර්ශන ආරම්භ කර ඇත.
Read Moreපසුගිය පාලන සමයේ ජනාධිපති අරමුදල වරප්‍රසාදිත කණ්ඩායම් විසින් අවභාවිත කර ඇති බවත්, එය නිවැරදි ප්‍රවේශයකට ගෙන ඒමට වත්මන් රජයට හැකි වූ බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.
Read More‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාරව වසර නවයකට පසු පළාත් පාලන සතිය අද(15) සිට ආරම්භ වන බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා රුවන් සෙනෙරත් මහතා සඳහන් කරයි. “පුනරුදයේ පුරවර” පළාත් පාලන සතිය අද(15) සිට ලබන 21 දක්වා ක්‍රියාත්මක වේ.
Read Moreඋදාහරණයක් හැටියට අපි ගත්තොත් මහින්ද රාජපක්ෂ මහත්මයට සාමාන්‍ය පුරවැසියෙක් විදිහට ලෝකයේ සමහර රටවලට ගිහින් එන්න බැහැ. එහෙම ගියොත් එතුමාගේ දේහය තමයි මෙරටට නැවත ගේන්න වෙන්නේ. පිටරට විතරක් නෙමෙයි ශ්‍රී ලංකාව තුළත් එතුමට තනියම ගමනක් ගිහින් එන්න බැරි ප්‍රදේශ ඕන තරම් තියනවා. ඉතින් මෙන්න මේ කාරණය නිසා එතුමාව ජාතික වශයෙන් ආරක්ෂා කළ යුතුයි කියලයි මමනම් හිතන්නේ.
Read Moreපිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අලුත්වැඩියා කිරිමේ කටයුතු මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය. ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු ආරම්භ කරනු ලැබීය.
Read Moreකළුතර අපරාධ කොට්ඨාසය මගින් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන ’’ඇඹිලිපිටියේ සුරංග’’ නැමැත්තාගෙන් ලබා ලබාගත් තොරතුරු වලට අනුව අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කල බවට සැක කරන හම්බන්තොට ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක තිබී සැක උපකරණ , රසායනික ද්‍රව්‍ය තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට එම අවන්හලේ නවතා තිබූ මෝටර් රථයක් අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාශය පවසයි .
Read Moreසීගිරිය ලෝක උරුම පුදබිමේ කැටපත් පවුරේ,එහි ආරක්ෂිත පුරාන කවි ගී වලට හානි කරමින් සිය නම ඉංග්‍රිසි අකුරින් සටහන් කළ 21 හැවිරිදි තරුණියක පුරාවිද්‍යා නිලධාරීන් විසින් ඊයේ (14දා) අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreආසියානු කුසලාන තරවලිය යටතේ ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර ඊයේ පැවැති තරගයෙන් අනතුරුව පාකිස්තාන ක්‍රීඩකයන්ට අතට අත දීම ප්‍රතික්ෂේප කළ බව පාකිස්තාන පුහුණුකරු මයික් හෙසන් පවසයි.
Read Moreනේපාලයේ අලුතින් පත් කරන ලද අන්තර්කාලීන අගමැතිනිය පවසන්නේ ඇය මාස හයකට වඩා වැඩි කාලයක් එම තනතුරේ නොසිටින බවයි.
Read Moreප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාල ඇතුළු රෝහල් සහ ආයතන 38ක් සදහා ත්‍රිපෝෂ මාස්ටර් බෑග් හාරලක්ෂ අනුතුන්දහස්,නමසියපහක (493,905) අවශ්‍යතාවයක් පැවතියද ඉකුත් වර්ෂය තුල (2024) බෙදාහැර ඇත්තේ ත්‍රිපෝෂ මාස්ටර් බෑග් දෙලක්ෂ හැත්තෑහතර දහස් එකසියඅනුඅටක් (274,198) බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන්වේ.
Read Moreහිටපු ලෝක බොක්සිං ශූර රිකී හැටන් වයස අවුරුදු 46 දී මිය ගොස් තිබේ. මැන්චෙස්ටර් හි ටේම්සයිඩ් හි හයිඩ් හි පිහිටි ඔහුගේ නිවසේදී අද උදෑසන 46 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් සිටියදී සොයා ගත් බව පොලිසිය පැවසීය. ඔහුගේ මරණය සැක සහිත නොවන බව පොලීසිය පවසයි.
Read Moreපෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ගැටලු විසඳීමට නව වැඩපිළිවෙළක් වෙනුවෙන් එහි වෙළෙඳ ප්‍රජාව සමඟ සාකච්ඡාවක් ධිවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය පැවැත්වුණි.
Read Moreදකුණු පළාත් සංවර්ධන අධිකාරියේ දකුණු පළාත් ව්‍යවසායකත්ව දිවිබල සංවර්ධන ණය ව්‍යාපෘතියේ කුවිතාන්සි 13ක අනුක්‍රමික අංක පිළිවෙළ වංචනික ලෙස වෙනස්කරමින් ණය ලැබිම්වලින් රුපියල් එක්ලක්ෂ, හතලිස්නමදහසක් (149,000) මුදලක් අවභාවිතාකොට ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
Read Moreසිද්ධියට සම්බන්ධ පදියතලාව පොලිසියේ කොස්තාපල් 04 කට තාවකාලික ස්ථාන මාරු. තවත් සැකකරුවන් 06 කට අධිකරණයෙන් ඇප. වැඩිදුර විභාගය හෙට ( 16 ).
Read Moreකටුනායක ගුවන් තොටුපොළ ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයෙකු රුපියල් විසි එක් කෝටි පන් ලක්ෂ විසි හතර දහස් පන් සිය හැත්තෑ පහයි ශත තිස් පහක් වටිනා රන් බිස්කට් තොගයක් තම දෙකකුළෙහි සගවා ගෙන 09/14 දින උදෑසන කටුනායකට ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටියදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreථෙරවාදී බෞද්ධ දර්ශනය ආරක්ෂා කරමින් සුරකින මෙරට භික්‍ෂූන් වහන්සේලා 500 නමකට පහසුකම් සැලසිය හැකි රෝහලක් තම නිල කාලය තුළදී ඉදිකොට රජයට භාරදීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා ශ්‍රී දළදා මාලිගාවේ මුදල් භාවිතා නොකරන බවද දියවඩන නිලමේ අපේක්ෂක පස්ගම ශ්‍රී නාථ දේවාලයේ සහ මහනුවර ශ්‍රී මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ දුමින්ද බණ්ඩාර උඩුරාවන මහතා කියයි.
Read Moreඅධික වේගයෙන් අන්තරාකාරි ලෙස බස් රථය ධාවනය කර අනතුරක් කිරීමට උත්සාහ කළ පෞද්ගලික බස් රථයේ රියදුරුට එරෙහිව පියවර ගන්නා ලෙස ජනතාව ඉල්ලා සිටී.
Read Moreඅනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් කඳුරුගස්වැව දික්වැව ගම්මානයේ වැව් මායිම තුළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් රක්ෂිත මායිම් ගල් දැමීම හේතුවෙන් තම වැවට හිමි භූමි ප්‍රමාණය අඩු වී ඇතැයි ගොවීන් චෝදනා කර සිටිති.
Read Moreඉදිරියේ දී මෙරට ජනතාවට එල්ළවන සෞඛ්‍ය අභියෝග ජයග්‍රහණය කිරීම සදහා වර්තමානයේ ඊට අවශ්‍ය පදනම සකස් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය කළයුතු බවත්, ඊට අවශ්‍ය වැඩපිළිවෙල මේ වන විට සැලසුම් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.
Read Moreකරන්දෙණිය කොටවෙල නිවසක මව සහ පුතාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන කොටියා කුමාර යන අනවර්ථ නාමයෙන් හඳුන්වන අයෙකු ජීව අත් බෝම්බයක් සමග කොටවෙල කුරුඳු ඉඩමක පාලු නිවසකදී ඊයේ (13)රෑ අත්අඩංගුවට ගත් බව කරන්දෙණිය පොලීසිය කියයි.
Read Moreරුපියල් අට කෝටි පනස් හතර ලක්ෂ විසි දහසක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගියෙකු, කටුනායක ගුවන් තොටුපොළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ රැදී සිටියදී , ’’ රැන්ඩි ’’ නැමති නිල පොලිස් සුනඛයාගේ සහාය මත , ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් 09/13 දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreගොවිඳුපුර පොලිස් වසමට අයත් බුද්ධම රිටිගහවත්ත ප්‍රදේශයේදී විරසක වූ සිය පෙම්වතියට (11) වෙනිදා උදෑසන වෙඩි තැබීමට ගිය පෙම්වතා පෙම්වතියගේ මුහුණ දැක අනුකම්පා සිතී කැප්ප තුවක්කුවකින් අහසට වෙඩි තබා පළා ගොස් ඇතැයි ගොවිඳුපුර පොලීසිය පවසයි.
Read Moreඅඩුම ඉනිම සංඛ්‍යාවකින් විස්සයි20 ලකුණු 2000 සීමාව පසුකළ ශ්‍රී ලංකා පිතිකරුවා ලෙස පැතුම් නිශ්ශංක වාර්තා අතරට එක්විය. පැතුම් සිය විස්සයි20 ලකුණු 2000 ඉනිම 68කින් පසුකර ගියේය. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියූ කුසල් පෙරේරා ඒ වෙනුවෙන් ඉනිම 76ක් වැය කර තිබුණි.
Read Moreබලපත්‍ර නොමැතිව මෙරටට ආනයනය කරන ලද මෝටර් රථ දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය සමත්ව තිබේ.
Read Moreව්‍යාපාර කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම, නීති රීති සම්පාදනය සහ නියාමනය රජය විසින් සිදු කරනු ලබන බවත්, දේශීය ව්‍යාපාරිකයන්ට සහ ව්‍යවසායකයන්ට වෙළෙඳපොළ අවස්ථා පුළුල් කර දෙමින් ඔවුන් රටේ ආර්ථික වර්ධනයට උපරිමයෙන් දායක කර ගැනීම රජයේ අපේක්ෂාව බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Read Moreඋල්හිටිය රත්කිද ජලාශයේ වාන් ගේට්ටු තුනක් අද (13) පස්වරුවේ විවෘත කල බව මාපාකඩ කාර්යභාර ඉංජිනේරු තිස්ස රාජරත්න මහතා පවසයි .
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉදිකිරීම් කර්මාන්තය ආශ්‍රිත පාර්ශ්වකරුවන් අතර 2026 වසරට අදාළ අයවැය යෝජනා පිළිබඳ පූර්ව සාකච්ඡාවක් ජනාධිපති කාර්යලයේදී පැවැත්විණි.
Read Moreබස් රථ අලංකරණය හා උපාංග සවිකිරීමට අදාළව අවසර ලබා දෙමින් නිකුත් කර තිබු චක්‍රලේඛය අවලංගු කර තිබේ.
Read Moreපාර්ලිමෙන්තුව විසින් සම්මත කරනු ලබන නිතිය අනුව ඕනෑම අවස්ථාවක පළාත් සභා මැතිවරණය පැවැත්විමට සුදානම් බවත් ඒ සදහා අය වැයෙන් මුදල් ප්‍රතිපාදන වෙන්ව ඇති බවද මැතිවරණ කොමසාරිස් ජනාරල් සමන් ශ්‍රි රත්නනායක මහතා මාතලේ දි පැවසිය.
Read More