saravita-anim2

2025 දෙසැම්බර් මස 17 වන බදාදා

2025 දෙසැම්බර් මස 17 වන බදාදා

Latest News - timelapse 236 hours ago

LATEST

අද වහින්නේ මෙහෙමයි

calendar_today 2025 ඔක් 24 - 07:17 remove_red_eye - 131  

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඒම ප්‍ර දේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1046 දරන රාත්‍රි තැපැල් දුම්රිය අද (23) රාත්‍රි කිතල්ඇල්ල දුම්රිය ස්ථානය අසලදී පිලීපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇතයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

Read More

තමන්ටත් දරුවන් සිටින බවත් මත්ද්‍රව්‍ය නැවැත්විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව කීය.

Read More

දිගින් දිගටම පැමිණෙන බේබදු මැර තර්ජන නිසා ඩයගම ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය නිලධාරිණියන්ගේ ආරක්‍ෂාව නැතිවීමෙන් පොලිසිය ආරක්ෂාව තහවුරු කරන දෙනතුරු (21) දින සිට ඩයගම ප්‍රාදේශීය රෝහල තාවකාලිකව වසා දැමීමට නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය කටයුතු කර තිබේ.

Read More

කූඨ ලෙස සකස් කළ බ්‍රසීල ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන මෙරටට ඇතුළු වීමට තැත් කළ සෙනගාල් ජාතිකයෙකු 10/23 දින ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන පිටුවහල් කිරීමට පියවර ගෙන තිබේ.මොහු 35 හැවිරිදි සෙනගාල් ජාතිකයෙකි.

Read More

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන හා බැකෝ සමන්ගේ බිරිඳ වන ශාධිකා ලක්ෂාණිගේ ඇප ඉල්ලීම පිළිබඳව නියෝගය ලබන 31 දා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

වැලිගම ප්‍රා දේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේන මහතා වෙඩි තබා ඝාතනය කිරීමට අදාළව මේ වන වට සාර්ථක තොරතුරු කිහිපයක් ලැබී ඇති බවත් එම වෙඩි තැබීමට සම්බන්ධ සියලු පුද්ගලයන් ඉදිරි දින දෙක තුන තුළ අත්අඩංගුවට ගන්නා බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහල් 16 කින් යුතු නව කාර්යාල සංකීර්ණ ගොඩනැගිල්ලේ පළමු අදියර ඉදිකිරීම් මෙම වර්ෂයේ නොවැම්බර් මස අවසන් වීමට පෙර නිමකර සෞඛ්‍ය අමාත්‍යාංශය කුලී පදනම මත ලබා ගෙන දැනට පවත්වා ගෙන යනු ලබන කාර්යාල සියල්ල නව ගොඩනැගිලේ ප්‍රථම අදියර යටතේ ඉදිකිරීම් නිමාවන පරිශ්‍රයේ ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊට අදාළ නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

Read More

ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ විශාල වශයෙන් මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී භාණ්ඩ ප්‍රවාහනය සිදු කෙරෙන තත්වයක්ක් තිබියදී දෙරට අතර පාලමක් ගොඩනැගුවහොත් එය තවත් හොඳින් සිදුවෙනු ඇති බව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බුටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියෝ පවසති.

Read More

තමන්ගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවත් ඉන් මේ ආන්ඩුව බලාපොරෝත්තු වන්නේ තමන් මරා දැමීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තුවේදී කියයි.

Read More

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී රැස් විය.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි පැවති ’’ විවෘත ක්ලැසික් ලීග් ’’ ( Dubai Open Classic Leaque ) සවිඑසවීමේ ජාත්‍යාන්තර තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක රන්සිළු ජයතිලක , එහි ’’ප්‍රෝ ’’ ( Pro ) අංශයෙන් තරග කරමින් ’’ඩෙඩ් ලිෆ්ට් ’’ ( Ded Lift ) ක්‍රමයට කිලෝ ග්රෑම් 315 ක බර ඔසවමින් , වාර්තාවක් තබමින් ,එහි ප්‍රථම ස්ථානය දිනා ගනිමින් රන් පදක්කම රැගෙන 10/23 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියේය.

Read More

කොළඹ බී.එම්.අයි.සි.එච්. හිදී පැවැති ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී අද පුවත්පතට ජනාධිපති රන් සම්මානයක් හිමිවිය. අද පුවත්පත වෙනුවෙන් එහි විශේෂාංග කර්තෘ දිනිති අබේවර්ධන මහත්මිය විසින් එම සම්මානය ජනපති අනුර කුමාර දිසානායක මහතා අතින් ලබා ගත්තාය.

Read More

රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙක වන රොස්නෙෆ්ට් සහ ලුකොයිල් ඉලක්ක කර ගනිමින් එක්සත් ජනපදය නව සම්බාධක ප්‍රකාශයට පත් කර තිබේ. යුක්රේනයේ සාම ගිවිසුමක් සාකච්ඡා කිරීම සඳහා මොස්කව්ට බලපෑම් කිරීමේ උත්සාහයක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

Read More

දකුණු කොරියාවේ රැකියා සදහා අවශ්‍ය භාෂා ප්‍රවිනතාවය උදෙසා, ටැබ්ලට් වැනි ස්මාර්ට් උපාංග භාවිතා කරමින් පවත්වන විභාග සඳහා නවීන පහසුකම්වලින් සමන්විත ඉලෙක්ට්‍රොනික විභාග මධ්‍යස්ථානය (Korean Language Examination Center Ubiquitous-based Test (UBT) ) අද දින (10/22) විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන්, 553/1, නව නුවර පාර, තලාහේන (සම්පත් බැංකුව අසල) යන ස්ථානයේදී විවෘත කරන ලදී.

Read More

ලොකු ළූණු සහ අර්තාපල් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද වැඩි කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය : තීරුබදු ප්‍රතිපත්තිය, කෘෂිකාර්මික ඵලදායීතාව සහ සුරාබදු බදු එකතු කිරීම දැඩි කිරීමට නියෝග කරයි.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

මුලින් සැලසුම් කළ පරිදි 2025 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය මෙම වසරේ නොපැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් “කෙහෙල්බද්දර පත්මේ” ට අයත් රුපියල් ලක්ෂ 500 ක් වටිනා නීති විරෝධි ආකාරයෙන් උපයා ගන්නා ලද දේපළ ක්‍රියා කරයි.

Read More

මහින්ද චින්තනය වැඩපිළිවෙළ යටතේ රුපියල් ලක්ෂ 2130 ක පිරිවැයක් යොදා 2010 වසරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලද නාවලපිටිය සුපිරි වෙළඳ සංකීර්ණයේ කඩ සාප්පු හිමියන් විසින් නගර සභාවට නියමිත පරිදි බදු නොගෙවු බවට පවසමින් අද උදෑසන නාවලපිටිය නගර සභාවේ නිලධාරින් එම කඩ සාප්පු මුද්‍රා තැබීම සඳහා පැමිණීමත් සමග කඩ හිමියන් සහ නිලධාරී අතරින් දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

Read More

ශ්‍රී ලාංකික දිනය ජාතික වැඩසටහන දෙසැම්බර් මස 12,13 හා 14 යන දිනයන්හි පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ප්‍රජවන් අතර අවබෝධය වර්ධනය කරමින් සංහිදියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් බිහි කිරිම යන දැක්ම මුල්කරගෙන ශ්‍රී ලාංකික දිනය ලෙස ජාතික වැඩසටහනක් පැවැත්වීමට ජනපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය අයවැයෙන් යෝජනා ඉදිරිපත් කළේය.

Read More

ශ්‍රී ලංකාවේ ඔටිසම් ඇතුළු ස්නායු ආබාධ සහිත දරුවන්ගේ සංඛ්‍යාව පසුගිය දශක කිහිපය තුළ ඉහළ ගොස් ඇත. ඒ අනුව පැන නැගී ඇති අභියෝගවලට මුහුණ දීම පිණිස දිස්ත්‍රික්ක 25 පුරාම ඔටිමසම් ඇතුළු ස්නායු සංවර්ධන ආබාධ සහිත දරුවන් සඳහා සෞඛ්‍ය, අධ්‍යාපන හා සේවා පහසුකම් වැඩි දියුණු කිරීමට පස් අවුරුදු ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

Read More

මරණ දඩුවම ක්‍රියාත්මක කිරිම ගැන රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

Read More

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු අධ්‍යක්ෂට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී කේ. වූට්ලර් මහතා පැවැසීය.

Read More

වෙඩි තබා ඝාතනය කළ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර නොහොත් වැලිගම ලසා පාතාල අපරාධකරුවෙක් බවත් ඔහුට එරෙහිව නඩු හයක් විභාග වෙමින් පවතින බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදි පැවැසීය. ‍මෙම වෙඩි තැබීමෙන් මහජන ආරක්ෂාවට තර්ජනයක් නොමැති බවත් ඔහු පැවැසීය.

Read More

වැලිගම සභාපතිවරයා වෙඩි තබා ඝාතනය කිරිම සම්බන්ධ‍යෙන් දකුණ පළාත භාර ‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ කණ්ඩායම් හතරක් යටතේ පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී වූට්ර් මහතා පැවැසීය.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ පවතින අවහිරතාව හේතුවෙන් අද දින ධාවනය වීමට නියමිතව තිබූ කොළඹ කොටුව සිට බදුල්ල හා බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය දෙක ඇතුළු ගමන් වාර 05 ක් අවලංගු කර තිබේ.

Read More

මීට වසර හතරකට පමණ පෙර කෙහෙල්බද්ද පද්මේ නැමැත්තා තමන්ට ඩුබායිහිදී දැක ඇති බවත් ඔහු ඔහුගේ බිරිඳ හා දරුවන් දෙදෙනා සමග පැමිණ තමන් සමග ඡායාරූප ගත් බවත් නිරූපණ ශිල්පි පියුමි හංසමාලි සිය ෆේස්බුක් ගිණුමෙන් පවසයි.

Read More

වැලිගම ප්‍රාදේශීය සභ‍ාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් ’මිදිගම ලසා’ ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව, මාධ්‍ය හමුවක් කැඳවමින්, ආරක්ෂාව සම්බන්ධයෙන් වන වගකීම රජය විසින් භාරගත යුතු බව සමගි ජන බලවේගයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසා සිටියි.

Read More

ආර්ථිකය ශක්තිමත් වීම මත වාහන බදු සංශෝධනයක් ගැන අවධානය යොමු කළ හැකි බවත් මේ අවස්ථාවේදි වාහන බදු සංශෝධනයක් ගැන කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.