වෙඩි තැබීම් හතරකට සම්බන්ධ සැකකරුවන් අල්ලයි
- 8 10 2026
- 11:36
- {{hitsCtrl.values.hits}} views
- ..
වෙඩි තබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු හට කූඨ ලේඛන සකස් කර ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට - බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය.
2026.02.13 දින තලංගම පොලිස් වසමේ අකුරේගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක් ඉදිරිපිටදි නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන ආරම්භ කර තිබිණි.
ඒ අනුව 2026.10.07 දින බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙම ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සිදුකල ප්‍රධාන සැකකරු හට විදේශ ගතවීම සඳහා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරීමට ඇඟිලි සලකුණු තැබූ පුද්ගලයෙකු විමර්ශනයේදී අනාවරණය කර ගත් තොරතුරු මත කූඨ ලේඛන සකස් කිරීමට අනුබල දීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇත.සැකකරු වයස අවුරුදු 45 ක් වන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් සැකකාරියක් අත්අඩංගුවට - හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය.
2026.09.04 දින බොරලැස්ගමුව පොලිස් වසමේ මාලනි බුලත්සිංහල මාවත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබිණි.ඒ අනුව 2026.10.07 දින කොට්ටාව පොලිස් වසමේ විහාර මාවත ප්‍රදේශයේදී හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දුන් සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.සැකකාරිය අවුරුදු 21 ක් වන කොට්ටාව ප්‍රදේශයේ පදිංචිකාරියකි.
අත්අඩංගුවට ගත් සැකකාරිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වෙත ඉදිරිපත් කර ඇති අතර බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කර ගෙන යනු ලබයි.
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට - අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව.
2020.08.05 දින අනුරාධපුර පොලිස් වසමේ දහයියාගම දුම්රිය හරස් මාර්ගය අසලදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබිණි.ඒ අනුව 2026.10.07 දින අනුරාධපුර පොලිස් වසමේ කුඩා පාලඩිකුලම ප්‍රදේශයේදී අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අපරාධය සිදු කිරීම සදහා පැමිණි යතුරුපැදියේ පැදිකරු වශයෙන් කටයුතු කරමින් ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අවුරුදු 39 ක් වන අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කර ගෙන යනු ලබයි.
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට - අහුන්ගල්ල පොලිස් ස්ථානය.
2026.10.01 දින අහුන්ගල්ල පොලිස් වසමේ වැලිකන්ද ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් අහුන්ගල්ල පොලිස් ස්ථානය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබිණි.ඒ අනුව 2026.10.07 දින සවස අහුන්ගල්ල පොලිස් වසමේ වැලිකන්ද ප්‍රදේශයේදී අහුන්ගල්ල පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සම්බන්ධව සිදුකල විමර්ශනයෙදි සැකකරු පදිංචි නිවසේ වල දමා තිබු විදෙස් රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් විමර්ශන නිලධාරින් විසින් සොයාගෙන ඇත. සැකකරු අවුරුදු 28 ක් වන වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අහුන්ගල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කර ගෙන යනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

