ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්රදීප් කාරියවසම් මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියාද වෙයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය සම්බන්ධයෙන් විමර්ශන කරන ‘සිරිලිය සවිය’ ගිණුම පිළිබඳ සිදුකරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.