රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල යටතේ සෑම රාජ්‍ය සේවකයෙකුටම නිල Email ලිපිනයක් ලබාදීමට රජය අවධානය යොමු කර ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි.
මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම තුළින් රාජ්‍ය සේවකයින් ජාලගත කිරීමට මෙන්ම වීඩියෝ සම්මන්ත්රණ ඇතුළු රාජකාරි කටයුතු සඳහා ඔවුන් පහසුවෙන් සම්බන්ධ කර ගැනීමට හැකියාව ලැබෙන බව නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පැවැසීය. එමෙන්ම රාජ්‍ය ආයතන අතර දත්ත හුවමාරුව වඩාත් කාර්යක්ෂමව සිදුකිරීමට ද මෙය උපකාරී වනු ඇති බව ඔහු සඳහන් කළේය.
ඉදිරියේදී රජය මගින් ලබාදෙන නිල Email ලිපිනයන් හරහා රාජකාරි ලියකියවිලි සහ අනෙකුත් අත්‍යවශ්‍ය දත්ත හුවමාරු කිරීම වඩාත් පහසු සහ ක්‍රමවත් කිරීමට හැකි වනු ඇතැයි ඔහු පැවසීය. Email මගින් රාජකාරි කටයුතු සිදුකරන සියලු රාජ්‍ය නිලධාරීන් සඳහා මෙම පහසුකම ලබාදීමට නියමිතය.