ලංගම බස් රථයේ ගැටී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට
පා පැදියකින් පාසල් යමින් සිටි සිසුවෙකු ලංගම බස් රථයේ ගැටී එම ස්ථානයේදිම (07) දින ජීවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කපිල විජේරත්න මහතා පැවසීය.
උදෑසන 7:15 පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ නෝටන්බ්‍රිජ් හැටන් ප්‍රධාන මාර්ගයේ නෝටන්බ්‍රිජ් බිග්බෝන් ප්‍රදේශයේදීය.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ නෝටන්බ්‍රිජ් බිග්බෝන් ප්‍රදේශයේ පදිංචි නෝටන්බ්‍රිජ් කනපති දමිළ මහා විද්‍යාලයේ 7වන වසරේ ඉගෙනුම ලබන ජෙයරාම් පෝල්රාජ් නැමති පාසල් සිසුවෙකි.
හගරාපිටියේ සිට හැටන් දක්වා ධාවනය වන හැටන් ලංගම ඩිපෝවට අයත් බස් රථයට ප්‍රතිවිරුද්ධ දිශවෙන් පාපැදියේ ගමන් ගත් සිසුවා බෑවුම් සහිත ප්‍රදේශයේ දි ඉදිරියට ධාවනය වූ ලංගම බස් රථයේ ගැටී ඉදිරිපස රෝදයට යට වීමෙන් පසු බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා එක්ව තුවාල ලැබූ පාසල් සිසුවා දික්ඔය මූලික රෝහල වෙත රැගෙන යන අවස්ථාවේ ජීවිතක්ෂයට පත් වි ඇති බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
මිය ගිය පාසල් සිසුවා නිවසට අවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක් රැගෙන ඒම සදහා නෝටන්බ්‍රිජ් නගරයට පා පැදියෙන් ගමන් කරමින් සිටියදි මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.අනතුර සම්බන්ධයෙන් නෝටන්බ්‍රිජ් පොලිසිය වැඩි දුර පරික්ෂණ සිදු කරයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
