වන අලි ඝාතන කිරීමේ සැලසුම් සහගත කුමන්ත්රණයක්දැයි පරීක්ෂණයක් ඉල්ලයි
බොහෝ දෙනාගේ ආදරයට හා ගෞරවයට පාත්ර වූ 'කාවන්තිස්ස' නමැති ඇතාගේ මරණය සහ වන අලි සම්පත ඉලක්ක කරගනිමින් කිසියම් සැලසුම් සහගත කුමන්ත්රණයක් ක්රියාත්මක වන්නේ ද යන්න පිළිබඳව කඩිනම් හා විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස පරිසර අමාත්යාංශය විසින් පොලිස්පතිවරයා වෙත නිල වශයෙන් ඉල්ලීමක් සිදු කර ඇත.
කාවන්තිස්ස ඇතාගේ මරණයත් සමඟ රට හමුවේ දැඩි කම්පනයක් මෙන්ම සමාජය තුළ දැඩි කතිකාවතක් නිර්මාණය වී ඇති පසුබිමක වන අලින්ට වෙඩි තැබීම ඇතුළු විවිධ උපක්රම මඟින් වන සතුන් ඝාතනය කිරීම මෙරට ජෛව විවිධත්වයට හා වනජීවී සංරක්ෂණයට එල්ල වන දැවැන්ත තර්ජනයක් වන බැවින්, මෙම සිදුවීම පිටුපස කිසියම් සංවිධානාත්මක වැඩපිළිවෙළක් පවතින්නේ ද යන්න අනාවරණය කර ගැනීම මෙහි ප්රධාන අරමුණයි.
පරිසර අමාත්යාංශයේ ලේකම්වරයා විසින් ලිඛිතව යොමු කරන ලද ඉල්ලීම මඟින් කාවන්තිස්ස ඇතාගේ මරණය ඇතුළුව මෙරට වන අලි ඝාතනය කිරීම පිටුපස කිසියම් සැලසුම් සහගත කුමන්ත්රණයක් හෝ සංවිධානාත්මක ජාලයක් පවතින්නේ ද යන්න සොයා බැලීම සඳහාත් මෙම අපරාධයට සම්බන්ධ සියලු වගකිවයුත්තන් නොපමාව හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගැනීම මෙන් ම මෙරට වන අලි සම්පත ආරක්ෂා කිරීමේ ජාතික වගකීම පෙරදැරිව, ක්ෂණික විමර්ශනයක් මඟින් සත්ය තොරතුරු හෙළිදරව් කර ගැනීම යන කරුණු පිළිබඳ අවධාරණය කර ඇත.
මෙම සිදුවීමේ බරපතලකම සලකා බලා, අදාළ පරීක්ෂණ ඉතා කඩිනමින් අවසන් කරන ලෙසත්, විමර්ශනවල ප්රගතිය සහ ඉදිරි ක්රියාමාර්ග පිළිබඳව පරිසර අමාත්යාංශය නිරන්තරයෙන් දැනුවත් කරන ලෙසත් වැඩිදුරටත් ඉල්ලීම් සිදු කර තිබේ. මේ වන විටත් වනඅලි ඇතුන් සහ වනසතුන්ට සිදු කරන හිරිහැර සහ ඝාතන පිළිබඳ වනජීවී දෙපාර්තමේන්තුවේ ප්රධානත්වයෙන් ත්රිවිද හමුදාව, විශේෂ කාර්ය බලකාය සහ පොලිසීය ඒකාබද්ධ මෙහෙයුම් සහ වැටලීම් මෙන් ම නෛතික ක්රියාමාර්ග ගනිමින් පවතී.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

