ගම්පොළ යටවෙන හේතුව මෙන්න
ගම්පොළ නගරය ආසන්නයේදී මහවැලි ගඟ ස්ථාන තුනකින් නැමි (Bend) ඇති හෙයින් ජලය ගලා යෑමේ වේගය අඩුවන බවත් මේ නිසා ගඟ පිටාර ගැලීම නගරය ජලයෙන් යටවීමට ප්රධාන හේතුවක් බවත් පේරාදෙණිය විශ්වවිද්යාලයේ භූ විද්යා අංශයේ හිටපු මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.
මෙම තත්ත්වය අවම කර ගැනීම සඳහා ගඟට යාබදව ඇති නාමල් වෙල වැනි වගුරු බිම් ආරක්ෂා කර ගැනීම වැදගත් බවද එවෙනි වගුරු බිම් ආරක්ෂා කර ගතහොත් ජනතාවගේ ආරක්ෂාවද තර වෙන බවද මහාචාර්යවරයා පැවසිය.
වැසි අවස්ථාවල ගම්පොළ නගරය ජලයෙන් යටවීම සම්බන්ධව සොයා බැලීම සඳහා නාමල්වෙල ඇතුළු ප්රදේශ වල සිදුකළ නිරීක්ෂණයකින් පසු මහාචාර්යවරයා මේ බව පැවසිය.
මේ වන විට ඇද හැලෙන වර්ෂා තත්වය හේතුවෙන් මහනුවර ආසන්න නගර ජලයෙන් යටවිමට ප්රධාන හේතුව ජල මාර්ග අවහිර කර ඉදිකිරිම් කිරිම හා ජල පෝෂකයන් වන පහත් බිම් ගොඩ කර ඉදිකිරිම් කිරිම බවද මහාචාර්යවරයා සදහන් කළේය.
මහවැලි ගඟේ ජලය පිටාර ගලන අවස්ථාවල නාමල්වෙල වැනි වගුරු බිම් ස්පොන්ජ් එකක් වැනි ආකාරයට ක්රියාකාර ජලය උරා ගන්න බවත් එම ඉඩම් අවිධිමත් සංවර්ධන කටයුතු සඳහා ගොඩ කිරීමෙන් ගම්පොළ ජලයෙන් යටවීම තීව්ර විය හැකි බවත් හෙතෙම අවධාරණය කළේය.
අවධිමත් සංවර්ධන කටයුතු සඳහා මහවැලි ගඟ ආසන්නයේ කුඹුරු ඉඩම් ගණනාවක් ගොඩකර ඉදිකිරීම් සිදුකර තිබෙන බවත් දිට්වා ආවස්ථාවේ මෙන්ම ඉන් පසුද ජල ගැලීම් වලින් වැඩිම හානි සිදුවූයේ එම ඉඩම් වල පදිංචිකරුවන්ට බවත් අතුල සේනාරත්න මහතා කීය.
දේශපාලනඥයින් මෙන්ම නිලධාරීන්ද ඇතැම් අවස්ථාවල පරිසර ශක්යතා අධ්යයනයන් සිදු නොකර සංවර්ධන ව්යාපෘති ක්රියාත්මක කරන බවත් අවසනායේ ඒවාහි වින්දිතයින් බවට පත්වන්නේ ජනතාව බවත් ඒ මහතා පැවසුවේය.
විදුලිය නිපදවීම හා ගං වතුර පාලනය අරමුණු කර ගනිමින් කොත්මලේ වේල්ල ඉදිකිරීමෙන් පසු දිට්වා පැමිණෙන තෙක් ගම්පොළට ගංවතුර තර්ජනයක් එල්ල නොවුණු බවත් මේ සාමාන්ය වැසි තත්ත්වයකදී පවා ගම්පොළ ජලයෙන් යටවන තත්ත්වයක් මතුව තිබෙන බවත් කී ඒ මහතා නගරය තුළ සිදුකර තිබෙන අවධිමත් ඉදිකිරීම් මෙන්ම ගඟ ආශ්රිත පහත් බිම් ගොඩ කිරීමට මෙයට හේතුවක් බවද ප්රකාශ කළේය.
මෙම පසුබිම තුළ ගම්පොළ ආශ්රිතව සංවර්ධන කටයුතු සිදු කිරීමේදී විශේෂ අවධානයක් යොමු කළ යුතුව ඇතැයිද ගඟ ආසන්නයේ ඇති ඉඩම් වගා කටයුතු සඳහා පමණක් යොදා ගැනීම වඩා උචිත බවත් මහචාර්යවරයා පැවසුවේය.
මේ අවස්ථාවේදි එහි රුස්වු ප්රදේශවාසින් හා ගොවි මහත්වරුන් මහාචාර්යවරයා හමුවේ පවසා සිටියේ ඉදිරියේදි ගං වතුර තත්වයන් ඇති නොවිම සදහා කල හැකි දෙයක් කර දෙන ලෙසත් මේ වන විටද වඒශාවක් ඇතිවුවහොත් ඇතිවන බිය කියා නිම කල නොහැකි බවද මහාචාර්යවරයා හමුවේ ජනතා පවසා සිටියේය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

