නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමට ජනපති ඉන්දියාවට
ඉන්දීය මහ මැතිවරණයෙන් ජය ලබා නැවතත් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ලෙස තේරි පත්වූ නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක්වීමට නියමිත බව ඉන්දියාවේ ද හින්දු පුවත් සේවය වාර්තා කරයි.
ඒ අනුව මැයි 30 දා ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වීමට නියමිත නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක්වීමට නියමිතව තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස යළි පත්වූ නරේන්ද්‍ර මෝදි මහතාට මුලින්ම සිය ට්විටර් ගිණුමෙන් සුබ පැතුම් එක්කළ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුව ඔහුට දුරකතනයෙන්ද කථා කර තිබේ.

popular news
-
Champa Sunday, 26 May 2019 01:24 PM
එහෙනම් මැයි 29, 30, 31 හමුදා සීරුවෙන් තියන්න වෙයි. එදාට කෘත්‍රිම ජාතිවාදී කලකොලහලයක් ඇති වෙන්න හෝ ආණ්ඩුව සහ මුස්ලිම් දේශපාලකයන් බෝම්බ පුපුරුවන්න පුළුවන්. මේ කීවෙනි විදේශ සංචාරයද? මාස 53 ට සංචාර 47 හෝ ආසන්න ගානක්. මටත් දැන් ගාන මතක නැති තරම්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

