ශ්රී ලංකාවට වැඩම කර සිටින තායිලන්ත මහානායක හිමිවරුන් ඇතුළු බෞද්ධ දූත පිරිස ඊයේ (25දා) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්රීපාල සිරිසේ සිරිසේන මහතා හමුවූහ.
පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයට මුහුණ දෙමින් යළි නැගී සිටින ශ්රී ලංකාව පිළිබඳ තම සතුට පළ කළ දූත පිරිස, සහෝදර බෞද්ධ රටක් ලෙස හැම විට ම තමන් ශ්රී ලංකාව සමග සිටින බව සඳහන් කළහ.
තායිලන්ත මහානායක හිමිවරුන් ඇතුළු 70 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිස පසුගිය 21 වන දා ශ්රී ලංකාවට පැමිණි අතර පසුගිය දින කිහිපයේ දිවයිනේ ප්රදේශ ගණනාවක සංචාරය කරමින් වෙසක් සැමරුම් දැක බලා ගැනීමට ද එක් විය.

