අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධයෙන්, පොලීසිය, හමුදාව හා බුද්ධි අංශ හරහා පරීක්ෂණයක් කිරීමට ආරක්ෂක ඇමැතිවරයා හා පොලීසිය භාර ඇමැතිවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වහාම කටයුතු කළ යුතු බවත් ඔහු ත්රස්තවාදයට සම්බන්ධ නම් අත්අඩංගුවට ගැනීමට පමණක් නොව එල්ලුම් ගස් යැවීමට සහාය ලබාදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.
රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට සුදුසු ස්ථානය පාර්ලිමේන්තුවට නොවන බවත් පාර්ලිමේන්තුවේ දේශපාලන ගේම් ගැසීම කිසිදු ඉඩක් ලබා නොදෙන බවත් ගාල්ලේදී අද (26දා) පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේය.
“මේ වෙලාවේ රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට විරුද්ධව පොලීසිය, හමුදාව හා බුද්ධි අංශ හරහා වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. පාර්ලිමේන්තුවට පරීක්ෂණ කිරීමට බලයක් නෑ. පාර්ලිමේන්තුවට පුලුවන් වෙන්නේ විවාද කරලා ඡන්දයක් අරගෙන රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාගේ පැත්තට ඡන්ද අඩුනම් ඔහු පාර්ලිමේන්තුවෙන් යවන්න වෙනවා. ඔහුගේ පැත්තට ඡන්ද වැඩි නම් පාර්ලිමේන්තුවේ තියාගන්න වෙනවා. ත්‍රස්තවාදියෙක් වුණත් ඔහු වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගත්තොත් පාර්ලිමේන්තුවේ තියාගන්න වෙනවා.
අපි වගකීමෙන් ආරක්ෂක ඇමැතිවරයාගෙන්, පොලීසිය භාර ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ වහාම පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන්න කියලයි. ඔහු ත්රස්තවාදයට සම්බන්ධ නම් අත්අඩංගුවට ගන්න විතරක් නෙමෙයි එල්ලුම් ගහට අරගෙන යන්න. ඒකට අවශ්‍ය සහාය පාර්ලිමේන්තුව විදියට අපි ලබාදෙනවා. අපි හොරු රකින්න සූදානම් නෑ. ත්රස්තවාදීන් රකින්න අපි සූදානම් නෑ. ඒ වගේම පාර්ලිමේන්තුවේ දේශපාලන ගේම් ගහන්නත් අපි ඉඩ දෙන්නේත් නෑ.”
