කුවේට් රාජ්‍යයේ ගෘහස්ථ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින් සඳහා ජුනි 3වන දින සිට එරට තුළ ක්‍රියාත්මක වන රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දි ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
පැල්මඩුල්ල පොලිස් වසමේ නාරංගොඩ ප්‍රදේශයේදි සැමියා විසින් තම බිරිඳට පොරවකින් අද (30) පහර දි මනුෂ්‍ය ඝාතනයක් කර ඇති බවට පැල්මඩුල්ල පොලීසියට ලද තොරතුරක් අනුව විමර්ශන සිදු කරනු ඇත.
Read Moreබණ්ඩාරගම ප්‍රදේශිය සභාව ඉදිරිපිට මාර්ගය අසල තිබි විවිධ වර්ගයේ ගිනිඅවි වලට යොදන ජීව උණ්ඩ 73ක් අඩංගු බෑගයක් අද (30) හමුවු බව බණ්ඩාරගම පොලීසිය පවසයි.
Read Moreකිලිනොච්චිය, සෙල්වනගර් ප්‍රදේශයේදි දෙපිරිසක් අතර ඊයේ (29) සවස ඇතිවු ගැටුමක් හේතුවෙන් පුද්ගලයින් නව දෙනෙකු තුවාල ලබා දේපළ හානිද රැසක් ඇති බවට කිලිනොච්චියේ පොලීසිය පවසයි.
Read Moreමහියංගන පොලිස් වසමේ රන් ආලේපිත ලෝහ කැබලි ව්‍යාජ ලෙස මුදලට විකුණන බවට මහියංගන පොලීසියට ලද තොරතුරක් මත මහියංගන පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදු කර කිලෝ1 ග්‍රෑම් 750ක් බරැති රන් ආලේපිත ලෝහ කැබිලි 5ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreකොහුවල පොලිස් වසමේ සරණංකර මාර්ගයේ පිහිටා ඇති වෙළඳසැලක් තුළදි කොහුවල පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කළ ව්‍යාජ 500 මුදල් නෝට්ටු 41ක් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreඅන්තවාදි ත්‍රස්තවාදයට සම්බන්ධතා ඇති බව පවසමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, ආණ්ඩුකාරවරුන් වන හිස්බුල්ලා සහ අසාද්සාලි යන අය වහාම එම තනතුරුවලින් ඉවත් කරන ලෙසට ඉල්ලා වවුනියාවේ සිංහල, දෙමළ ප්‍රදේශ රැසක පෝස්ටර් හා බැනර් ප්‍රදර්ශනය කොට ඇත.
Read Moreබණ්ඩාරවෙල පොලීසියට ලැබුණු තොරතුරක් මත අද (30) අලුයම් කාලයේ කළ සෝදිසියකදි ඔත්තෙකඩේ ප්‍රදේශයේ නිවසක තිබී , යුධ හමුදා කැලෑ ඇදුම්වලට සමාන කැමා ටී ෂර්ට් 2ක් , කොටකලිසම් 2ක් දිග කලිසම් 1ක් හා ජර්සි 2ක් සොයාගෙන තිබේ .
Read Moreකැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර සෙසු පීඨයන් දින නියමක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය කටයුතු කර තිබේ.
Read Moreපසුගිය මාසයේදී ජනපතිවරයා තිරුපති වන්දනාවක් සඳහා ඉන්දීයාවේ සංචාරයකට එක්විය.
Read Moreක්‍රිකට් වසන්තය එසේත් නොමැතිනම් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (30දා) එංගලන්තයේදී ආරම්භවීමට නියමිතව තිබේ. තරගාවලිය ආරම්භ කරමින් දකුණු අප්‍රිකාව හා සත්කාරක එංගලන්තය පළමු තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.
Read Moreනොච්චියාගම, සිංහාරගම ප්‍රදේශයේදී නොච්චියාගම සිට අනුරාධපුර දෙසට ගමන්ගත් ත්‍රිරෝද රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කන්ටේනර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreසයිබර් ආරක්ෂණය මුවාවෙන් තොරතුරු හා පුද්ගලික ගිණුම් වලට පිවිසීමට ඔවුන්ට හැකිවන බවත් ඔවුහු පෙන්වා දෙති.
Read Moreනීත්‍යානුකූල නොවන අන්දමින් දැව ළඟ තබා ගන්නා ලී මෝල් හිමියන්ගේ බලපතරකිර වහාම අහෝසි කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දි ඇත.
Read Moreඒ අනුව ජනතාවගේ බහුවිධ ආරක්ෂක අවශ්‍යතා ඉටුකර ගැනීමට බලධාරීන්ට සහාය වීමට මෙම ගම රැකුම සංවිධාන පිහිටුවීමට නියමිතය.
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු වු තොටළඟ දිනුක් නැමැත්තා රුපියල් කෝටියකට ආසන්න වටිනා කේරළ ගංජා සුඛෝපභෝගි මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදි කැලණිය හෝටලයක් අසලදි අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය පවසයි.
Read Moreපාස්කු ඉරිදා සිදු කළ ප්‍රහාරය හේතුවෙන් රටේ ආර්ථිකයට විශාල හානියක් වනු ඇතැයි බොහෝ අය කම්පාවට පත් වුණා. අප මේ සම්බන්ධව ඉතා විමසිල්ලෙන් සිටියා. නමුත් අපේ ආර්ථිකයට එවැනි බරපතළ හානියක් සිදුව නොමැති බව කිව යුතුයි.
Read Moreදකුණු පළාත් තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමයේ නියෝජිතයින් හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (28) දින පස්වරුවේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී සිදු විය.
Read Moreමෙවර පරීක්‍ෂණය පරිගණක ආශ‍්‍රයෙන් පමණක් පැවැතවෙන අතර එක් එක් විභාග අපේක්‍ෂකයින්ට විභාගය පැවැත්වෙන දිනය, වේලාව හා විභාග මධ්‍යස්ථානය www.slbfe.lk වෙබ් අඩවිය මඟින් දැනගත හැකිය.
Read Moreකලක් තිස්සේ නාඋල පොලීසියට අවශ්‍යව සිටි හෙරෝයින් ජාවාරම් කරුවෙකු අද (29) අත්අඩංගුවට ගත් බව නාඋල පොලීසිය පවසයි.
Read Moreඋඩුනුවර ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් නින්දිත ආකාරයෙන් එහි නිලධාරියෙකුට බැණ වැදුණු බව කියමින් එම සභාවේ සියලුම නිලධාරින් කළු පටි පැලද විරෝධතා පුවරු රැගෙන ගෙලිඔය නගරයේදි අද (29) දින නිහඩ විරෝධතාවයක නියලුණහ.
Read Moreනීති විරෝධී ආකාරයට ආයුර්වේද වෛද්‍යවරුන් ස්ථාන මාරු කිරීමට ගෙන තිබෙන තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා ආයුර්වේද වෛද්‍යවරු අද (29දා) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු බස් රථවල ආදායම අඩුවී තිබෙන නිසා සමස්ත බස් රථවලින් 85% කට ලීසින් වාරික ගෙවාගැනීමට නොහැකි වී තිබෙන බව බස් සංගම් සඳහන් කරති.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් පනවා තිබූ සංචාරක මාර්ගෝපදේශ ලිහිල් කිරීමට රටවල් කිහිපයක්ම කටයුතු කර තිබේ.
Read Moreවෙලම්බඩ පොලීසිය හා ගම්පල පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින් හා රංගල ශ්‍රි ලංකා නාවික නෞකා කිමිදුම් අංශයේ නිලධාරින් විසින් අද (29) වෙලම්බඩ කූරදෙණිය වැව සොදිසි කිරිමේ විශේෂ මෙහයුමකදි ටී 56 උණ්ඩ රැසක් හා කඩුවක් සොයා ගැනිමට හැකිවිය.
Read Moreඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර නිකුත් කිරිමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
Read Moreතමන්ව පොලිස්පති ධුරයෙන් අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
Read Moreශ්‍රි ලංකාවේ පාසල් සිසුන් අතරින් 5 ශ්‍රේණියේ සිසුන් 100 දෙනෙකුගෙන් හත් දෙනෙකුද, 10 වැනි ශ්‍රේණියේ සිසුන් 100කගෙන් පස් දෙනෙකුද ස්ථූලතාවය හෝ ස්ථූලතාවයට අවදානම් තත්ත්වයෙන් පසුවන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකට තම සත්කාරකත්වය ලබාදීමට සූදානම් බව පාකිස්තානය සඳහන් කර තිබේ.
Read Moreකැකිරාව මඩාටුගම ප්‍රදේශයේ පිහිටා තිබූ තවුහිද් ජමාත් සංවිධානයේ පිරිසක් වැඳුම් පිදුම් කළ පල්ලියක් කඩා දැමීමට මඩාටුගම මුස්ලිම් ජනතාව හා ප්‍රධාන පල්ලියේ සාමාජිකයෝ අද (29) දින ක්‍රියා කළහ.
Read More