ශ්රී ලංකා කණ්ඩායම හා පාකිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකට තම සත්කාරකත්වය ලබාදීමට සූදානම් බව පාකිස්තානය සඳහන් කර තිබේ.
මේ වසර අවසානයේදී මෙම තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබේ. මේ සම්බන්ධයෙන් පාකිස්තාන ක්රිකට් ආයතනයේ කළමනාකරණ අධ්යක්ෂ වසීම් ඛාන් ශ්රී ලංකා ක්රිකට් ආයතනය හා සාකච්ඡාවද පවත්වා තිබේ.
එසේම පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය සළකා බැලීම සඳහා ශ්රී ලංකාවේ ආරක්ෂක අංශ කණ්ඩායමක් පාකිස්තානයට යොමුකරන ලෙසද සිංගප්පූරුවේ පැවැති ආසියානු ක්රිකට් සංගමයේ සමුළුවකදී පාකිස්තාන ඉල්ලා තිබේ
