උඩුනුවර ප්රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්රිවරයෙක් නින්දිත ආකාරයෙන් එහි නිලධාරියෙකුට බැණ වැදුණු බව කියමින් එම සභාවේ සියලුම නිලධාරින් කළු පටි පැලද විරෝධතා පුවරු රැගෙන ගෙලිඔය නගරයේදි අද (29) දින නිහඩ විරෝධතාවයක නියලුණහ.
සභාවේ නිලධාරින් සියලුම දෙනා අත්වල කළු පටි බැඳ මන්ත්රිවරුන්ට විරෝධය පාමින් විරෝධතා පුවරු ප්රදර්ශනය කරමින් පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නියලුණහ.
මන්ත්රිවරයා බැණ වැදුණු බව කියන කාර්මික නිලධාරියා පැවැසුයේ,
"පසුගිය 24 වනදා කේෂත්ර රාජකාරි සඳහා එහි සභාපතිවරයාගේ වාහනයේ හා රාජකාරි වාහනයේ යැමට කියා එහි සභාපතිවරයා පැවැසු බවත් එහිදි අදාළ මන්ත්රිවරයා විසින් තමාගේ පෞද්ගලික වාහනයේ යැමට කතා කල බවත් ඉන් පසු මෙම නිලධාරිය මේ බව සභාපතිවරයාට දැනුම් දිමට යන අවස්ථාවේදි ඉතාම නින්දිත ආකාරයෙන් පරුස වචනයෙන් බැණ වදිමින් රාජකාරියට ද බාධා කරමින් ඉතාමත් නින්දිත ආකාරයෙන් බැණ වැදුණු බවත් රාජ්ය නිලධාරියාට නිදහසේ තම රාජකාරියන් කරගෙන යැමට ඉඩ නොදි මෙම මන්ත්රිවරයා විසින් තමන්ට බැණ වැදුණු බවත් එම නිසා මෙවන් තත්ත්වයන් දිගින් දිගටම උඩුනුවර ප්රාදේශිය සභාව තුළ ඇති වි ඇති බවත් රාජ්ය සේවකයන් හැටියට නිදහසේ ගෞරවනියව තමන්ට රාජකාරියන් කරගෙන යැමට මින් ඉදිරියටවත් ඉඩ දෙන ලෙස තමා ඉල්ලා සිටින බව" එම සිද්ධියට අදාළ කාර්මික නිලධාරි ඒ පි විජේසුන්දර මහතා පැවැසිය.
මේ සම්බන්ධව මෙම සිද්ධියට අදාළ උඩුනුවර ප්රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රීවරයා පැවසුවේ ,
"උඩුනුවර ප්රාදේශිය සභාවේ බලය හිමි එක්සත් ජාතික පක්ෂ මන්ත්රිවරයෙක් ලෙස ජනතාවට සේවය කිරිම සඳහා යම් කටයුත්තක් කර ගැනිමට එක් නිලධාරියෙකු ගාවට කිහිප විටක්ම යායුතු බවත් වෙනත් මන්ත්රින් හට ඇස්තමේන්තු කිරිම් ගිවිසුම් නොකරම කරද්දි තමන්ට එම නිලධාරින් අසාධාරණයක් කරනු ලබන බවත් තමන් ඉදිකිරිමට යන මාර්ගයක ඇස්තමේන්තු වාර්ථාව ගැනිමට සභාවේ වාහනයක් ඒ අවස්ථාවේ නොමැති සෙයින් තමන්ගේ පුද්ගලික වාහනයේ යැමට කතා කළත් එම නිලධාරියා එය ප්රතික්ෂේප කල බවත් එවිට තමා ඔයා හරියට කාන්තාවක් වගේනෙ ඇයි මගේ වාහනේ යන්නට බැ කියන්නේ කියා පමණක් තමා කියු බවත් ඒ කියු දෙයට මොවුන් පරුශ වචනයෙන් බැණ වැදුණු බව කියනා බවද තමා එය තරයේ ප්රතික්ෂේප කරනු ලබන" බවද මන්ත්රීවරයා පැවසීය.
චමිල් රූපසිංහ
