මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු වු තොටළඟ දිනුක් නැමැත්තා රුපියල් කෝටියකට ආසන්න වටිනා කේරළ ගංජා සුඛෝපභෝගි මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදි කැලණිය හෝටලයක් අසලදි අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය පවසයි.
එම සැකකරු සමඟ කේරළ ගංජා කිලෝ විස්සයි ග්‍රෑම් තුන්සිය හැට දෙකක් සොයා ගත් බව පොලීසිය පවසයි.
සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට ලද රහසිගත තොරතුරකට අනුව පොලිස් පරික්ෂක මහේෂ් මලවර මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් වැටලිම සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් පතාල සමාජිකයාට දිනකට රුපියල් හත්දහස් හත්සියයක මුදලක් ඔහු ගෙවා ඇතැයි පොලීසිය පවසයි.
ලැබෙන දුරකථන ඇමතුම් අනුව සුඛෝපභෝගි මෝටර් රථයෙන් ගංජා විවිධ ප්‍රදේශවලට බෙදාහැර ඇතැයි පොලීසිය පවසයි.
මෙම සැකකරු මීට පෙර ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදුවු ඝාතන සිද්ධියකටද සම්බන්ධ සැකකරුවෙකු බවටත් හදුනාගෙන ඇත.
