saravita-anim2

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා

Latest News - timelapse 9822 hours ago

LATEST

මාලිංග නැවත ගෙදර එයි

calendar_today 2019 ජුනි 18 - 10:36 remove_red_eye - 4544  

එංගලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග දෙවැනි වරටත් ශ‍්‍රී ලංකාව බලා පිටත්ව ගොස් තිබේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සතිපතා පැවැත්වෙන කැබිනට් රැස්වීම ජනපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වී තිබේ.

Read More

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පසුගියදා (15දා) පැවැති තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 87ක පරාජයක් අත්විඳීමට සිදුවිය. එහෙත් එම තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් නියෝජිතයෙකු සහභාගි නොවීම ආන්දෝනාත්මක සිදුවීමක් විය.

Read More

ය පිළිබඳව තොරතුරු දන්නේ නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදේශ සම්බන්ධතා අංශයේ 0112864149 දුරකථන අංකයට හෝ ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ 05956037 හෝ 76700657 දුරකථන අංක ඔස්සේ අමතා ලබා දෙන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටී .

Read More

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂාෆි ෂිහාබ්ඩීන් මහතාට එරෙහිව ඊයේ (17දා) දිනය වනවිට කුරුණෑගල ශික්‍ෂණ රෝහලට, දඹුල්ල දිසා රෝහලට සහ දඹුල්ල පොලීසිය ලැබී තිබූ සමස්ත පැමිණිලි ප්‍රමාණය 1,003කි.

Read More

පසුගිය සතියේදී නොපැවැත්වුණ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩල රැස්වීම සහ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (18දා) දිනයේදී පැවැත්වීමට නියමිත

Read More

දුලිබල මණ්ඩලයෙන් මම ඉල්ලීමක් කරනවා, මාස 03 ක් 04 ක් යන්න කලින් ලංකාවෙන් පිට කොන්ත්‍රාත් වැඩ ආරම්භ කලයුතුයි කියලා. එහෙමයි අපි වෙනසක් ඇතිකල යුත්තේ. පුද්ගලික අංශයෙන් ලෝකය තරණය කරන්න පුළුවන්නම්, ඇයි ලංවීමෙන් එය කරන්න බැරි

Read More

පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ලේඛක ශක්තික සත්කුමාර නිදහස් කරන්නැයි ඉල්ලා සමාජවාදී සමානතා පක්ෂය හා සමාජ සමානතාව සඳහා තරුණයෝ සහ ශිෂ්‍යයෝ සංවිධාන අද (17දා) විරෝධතාවක නිරත වූහ.

Read More

පොසොන් පොහොය දිනයේ තරුණයන් පිරිසක් සමඟ බහින්බස්වී අතින් පයින් හා පොලුවලින් ගුටිබැට හුවමාරු කර ගැනීමේ සිද්ධියකින් හයදෙනෙකු තුවාල ලබා මිහින්තලය රජයේ රෝහලට ඇතුළත්කර තිබෙන අතර සිද්ධියට සැකපිට මිහින්තලය ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු මිහින්තලය පොලීසියේ නිලධාරින් විසින් අද (17දා) අලුයම සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අපි විපක්ෂයක් වශයෙන් ආණ්ඩුව කරන සෑම දේටම විරුද්ධ නොවන බවත් රටේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා වන දේ සඳහා අපිට සහයෝගය ලබා දිය හැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ රඳවා තිබූ රාවණ -1 නැනෝ චන්ද්‍රිකාව අද (17දා) ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව. 3.45 ට පෘථිවියට කිලෝමීටර 400 ක දුරින් පිහිටි කක්ෂයකට මුදාහැරීම සිදුවිය.

Read More

පොසොන් උත්සවය වාර්ෂික ජාතික උත්සවයක් සේ සැලකීම සහ මිහින්තලාවේ වාර්ෂික පොසොන් පෙරහැර සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දීම සඳහා අවශ්‍ය නෛතික කටයුතු කඩිනමින් සම්පාදනය කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.

Read More

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලු සාමාජිකයන්ගේ මූල්‍ය දායකත්වයෙන් රුපියල් කෝටියක් වැයකර මිලදී ගත් ඩයග්නොස්ටික් එල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් යන්ත්‍ර දෙකක් යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විසින් මහරගම අපේක්ෂා රෝහලට අද (17) පෙරවරුවේ භාර දෙනු ලැබීය.

Read More

බලන්ගොඩ බෙලිහුල ප්‍රදේශයේදි ෆේස්බුක් සාදයකදි අත්අඩංගුවට ගත් සැකකරුවන් 51දෙනා විවිධ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට අද (17) ගෙන බලන්ගොඩ මහේස්ත්‍රාත් රුවන් දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව සියලු දෙනාට දඩ නියම කළේය.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සිදුකරන පරික්ෂණ නිසි ක්‍රමවේදයකට අනුව සාධාරණව සිදු නොවුණහොත් ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳ ගැටලු ඇතිවිය හැකි බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

Read More

චීන , ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම අද (17) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිරික්ෂණයට ලක් විය.

Read More

අද මේ රටේ රජයේ, පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබන සෑම දරුවෙකුටම සුරක්ෂා රක්ෂණාවරණය රජය විසින් නොමිලේ ලබා දෙන බවත්, ඒ යටතේ රජයේ රෝහලක ප්‍රතිකාර ලබා ගැනීමේ දී දිනකට රුපියල් තුන්දහසක් ඇතුලුව ලක්ෂ දෙකක රක්ෂණාවරණයක් හිමිවන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

Read More

රාජ්‍ය පාලනය සඳහා එදා ලිච්ඡවී රජ දරුවන් දුන් උපදේශයන්ට අනුව වත්මන් ආණ්ඩුව හා ඇමැති මණ්ඩලය ක්‍රියා කරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

Read More

අනුරාධපුර මහනගර සභාවේ නගරාධිපතිවරයා තලාව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඇතුළු සැකකරුවන් හත්දෙනෙකු මේ මස (24දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස තඹුත්තේගම වැඩ බලන මහේස්ත්‍රාත් පුෂ්පානී වික්‍රමරත්න මහත්මිය නියෝග කළාය.

Read More

තමා සෞඛ්‍ය ඇමතිවරයා ලෙස ඉන්න තෙක් කිසිදු ආකාරයකින් විදෙස් දුම්වැටි ගෙන්වීමට අවස්ථාවක් ලබා නොදෙන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

මන්නාරම, තාරපුරම් ප්‍රදේශයේ ඊයේ (16) දින සිදු කළ වැටලිමකදි නීතිවිරෝධී බීඩි කොළ කිලෝග්‍රෑම් 946ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරුවු ඩුබායි රටේ සිට ජාත්‍යන්තර මත්කුඩු ජාවාරමේ යෙදෙන කෙසෙල්වත්තේ දිනුක නමැත්තාගේ ගෝලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ජිවීතාන්තය දක්වා වු බරපතළ වැඩ සහිත සිරදඬුවම් අද (17) නියම කළේය.

Read More

දෙවන පෙළක් ඉදිරියට ඒම පිළිබඳව ඉදිරි පෙළ බියට පත් වී තිබෙන නිසා පළාත් සභා මැතිවරණය කල් දමා තිබෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (16) කොස්ගොඩ දී ප්‍රකාශ කළේය.

Read More

මුස්ලිම් ජනතාව පීඩාවට පත්වන ආකාරයට සමාජයේ ප්‍රචලිත කෙරෙන මතවාද නිවැරදි කිරීම සහ සමස්ත සමාජය සුවපත් කිරීම සඳහා සිය මැදිහත්වීම අවශ්‍ය බව පවසමින් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් විසින් සමස්ත ලංකා ජමියතුල්ලා උලමා සංවිධානයේ සභාපතිවරයාට ලිපියක් යොමු කර ඇත.

Read More

යාපනය, මනියම්තෝට්ටම් ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ කිතුණු දෙව් මැදුරක සුරුවමක් අද (17) අලුයම කිසියම් පිරිසක් විසින් කඩා දමා පළා ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි.

Read More

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ සිංහල නාම පුවරු ඉවත් කිරීම හා කෝවිලේ නාම පුවරු ඉතිරි කිරිමට එරෙහිව හා දේශපාලනික බලපෑම් වලට විරෝධය පාමින් විරෝධතාවක් ඊයේ (16) දින මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරය ඉදිරිපිට පැවත්වුණි.

Read More

පැවැත්විය යුත්තේ පළාත් සභා මැතිවරණය හෝ ජනාධිපතිවරණය බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

Read More

ජාතික තවුහිද් ජමාත් නායක සහරාන්ගේ හම්බන්තොට පුහුණු කඳවුරකදී සහරාන්ගේ දේශන වලට සහභාගි වී අවි පුහුණුව ලබා ඉස්ලාමීය රාජ්‍යයක් වෙනුවෙන් දිවි හිමියෙන් කැප වන බවට ගිවිසුම් ගත වූ බව කියන 21 හැවිරිදි තරුණයෙක් වැලිමඩ සිල්මියා පුරදි අත්අඩංගුවට ගත් බව වැලිමඩ පොලීසිය පවසයි.

Read More

මෙම විශේෂ කාරක සභාව වහාම නතර කරන ලෙස කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටීමටත්, ඔහුගේ ප්‍රතිචාරය යහපත් නොවන්නේ නම්, අඛණ්ඩව විරෝධය පළකිරීමටත් ඒකබද්ධ විපක්‍ෂය සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි.

Read More

රෝහල් කාර්යමණ්ඩලයේ කිහිපදෙනෙකුට ඩෙංගු රෝගය වැලඳීම හේතුවෙන් අද (17දා) දින සිට කොළඹ අක්‍ෂි රෝහලේ ශල්‍යාගාරය වසා දමා ඇතැයි වාර්තා වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.