ප්‍රතිපත්තිමය ගැටලු නිසා කළ යුතුම දේ සිදුකිරීමට නොහැකි වුණා - ජනපති
තමා හා ආණ්ඩුව අතර ඇතිවූ ප්‍රතිපත්තිමය ගැටලු හේතුවෙන් රට හා ජනතාව වෙනුවෙන් සිදුකළ යුතුම දේ සිදුකිරීමට නොහැකි වූ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
විශේෂ ප්‍රකාශක් කරමින් ඔහු මේ බව පැවැසීය.
“මට ඡන්දය දුන් 6200000ක් වන ජනතාවට ස්තූතිය ප්‍රකාශ කිරිමට මෙය අවස්ථාවක් කර ගන්නවා. මම මහනුවරදී විශේෂ ප්‍රකාශයක් කළා නැවතත් ජනපතිවරණයට ඉදිරිපත් නොවන බවට. 19 වැනි සංශෝධනය ගෙනවිත් මම විධායක ජනපතිධුරයේ බලතල ඉවත් කළා. මාව ඡන්දයෙන් පත් කළේ වසර හයකට. නමුත් 19 වැනි සංශෝධනය නිසා එය වසර පහක් වුණා. ජනපතිවරු තමාගේ බලතල වැඩි කර ගැනීමට කටයුතු කළා.
මම අසීමිත බලතල ඉවත් කළා. මගේ නිල කාලයේදී ප්රජාතන්ත්රවාදය තහවුරු කළා. මාධ්‍ය නිදහස ඇති කළා. එය පාරා වලල්ලක් කරමින් මට බරපතල නින්දා අපහාස අසත්‍ය සමාජ මාධ්‍ය හරහා සිදුකළා. මම කිසම දෙයකින් සැලුණේ නෑ.
බලයට පත්වූ රාජ්‍ය නායකයින් කිසිවෙක් නොකළ දෙයක් මම කළා. ඒ කිසිම මිනිස් ඝාතනයක් මගේ නිල කාලයේදී සිදුවුණේ නෑ. කිසිම පුරවැසියෙකුට ආණ්ඩුවේ තුවක්කුවක් පත්තු වුණේ නෑ.
මට බොහෝ දේ ඉටුකිරීමට හැකිවුණා. නමුත් ප්‍රතිපත්තිමය ගැටලු නිසා ආණ්ඩුවේ ගැටලු ඇතිවුණා. ඒ නිසා ජනතාව වෙනුවෙන් කළ යුතුම දේ කිරීමට නොහැකිවුණා. ඒ ආණ්ඩුවේ ගැටුම් නිසයි.
ජනපතිවරයෙක් ලෙස කටයුතු කිරීමේදී මම අසීමිත බලතල ඉවත් කළා වගේම එයින් වැරදි සහගත ලෙස ප්‍ර යෝජන ගත්තා. මම අතීත ආවර්ජනක් කරන්නේ නෑ. මා බලයට පත්වන විට මාතෘභූමියිට දැඩි විදේශීය බලපෑම් තිබුණා.
2014දී රට තිබුණ තත්තවයත් අද තිබුණ තත්ත්වයත් සංසන්දය කරන්න. යුද්ධයේදී මානව හිමිකම් කඩවුණා කියන මතය මත මගේ නිල කාලය තුළ සියයට 99ක් මම ඉවත් කළා. ජාත්‍යන්තර අධිකරණ ලංකාවට ඒම ගැන කථා කළා. ඒ සියල්ලෙන්ම අපි මිදී තිබෙනවා.
දුගී බවෙන් නිදහස් වීම, සියලු ජාතීන් තුළ ජාතික සමගිය සංහිදාව ගෙඩ නගමින් පුළුල් සමගියක් අතිකිරිමට මම විශාල වෙහෙසක් ගත්තා. ඒ තුළ සෑහෙන ප්‍රගතියක් තිබෙනවා. දූෂනයට වංචාවට අක්රමිකතාවට විරුද්ධව මම දැඩි දේශපාල තීන්දු කිහිපයක් ගත්තා.
popular news
-
Champa Saturday, 16 November 2019 06:58 PM
කිසම මිනිස් ඝාතනයක් වුනේ නැහැ? පට්ට බොලුවක්නේ. හැයි මතක නැත්ද මේ මාස කීපෙකට ඉස්සෙල්ල මිනිස්සු 400ක් විතර මරල තව 500 ගානකට තුවාල සිද්ධ කලේ? ඒ මිනිස් ජීවිත නෙමෙයිද? ඒවායේ හරි සංඛ්‍යා ලේඛන අදටත් ප්‍රසිද්ධ කරලා නැහැ. හන්ගන් ඉන්නේ.
Reply : 0 0
Champa Saturday, 16 November 2019 07:20 PM
ප්‍රතිපත්තිමය ගැටළු? තමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්ති වලට සම්පූරනයෙන්ම වෙනස් පක්ෂයක් එක්ක එකතුවුනේ අපිද? එදා එහෙම කරන කොට රට ගැන කිසිම හැඟීමක් තිබ්බේ නැහැ. තිබ්බ එකම උවමනාව තමයි මහින්දව ගෙදර යවන එක. ඒ විතරක්ද මහින්දව ඝාතනය කරන්නත් සැලසුමක් තිබ්බ. ඔබට ඒ ගැනවත් වගේ වගක් තිබ්බේ නැහැ. මහින්දගේ ජීවිතේ බේරුනේ වේලාසනම පරාජය බාර අරන් අරලියගහ මන්දිරෙන් පිටමං වුනු හින්ද. එදා මහින්දට ගෙදර යන්න හෙලිකොප්ටරය පවා දුන්නේ රනිල්. ඔබ නෙමෙයි. ඒහින්ද මහින්දගේ ජීවිතේ බේරුනා. ඔබ ඒ හෙලිකොප්ටර් ගමන ගැනත් කෝපවුන. හිටපු ජනාධිපතිතුමා 2015 පරාද වුනත් අපි එතුමාට එදා වගේම අදටත් ආදරෙයි. ඔබට කවදාවත් එහෙම ජනතා ආදරයක් ලබා ගන්න බැරි වුනා. ඔබ අදත් මේ කියන්නේ ඇනුම්පද. ඔබ ශ්‍රීලනිප ලේකම් විදිහට ඉඳගෙන ශ්‍රීලනිප නායකයට එරෙහිව හතුරු පිලට තරඟ කල මිනිහෙක්. මහින්දට ඕනේ හැටියේ තිබ්බ ඔබව නවත්තන්න. හැබැයි එතුමා එහෙම කලේ නැහැ. ඒ නිසයි ඔබට ජනාධිපති වෙන්න ලැබුනේ. ඒ තමයි නියම ප්රජාතන්ත්රවාදය. එදා වගේම අදටත් රටේ කොඳු නාරටිය මහින්ද. රටේ ජීවන හුස්ම මහින්ද. ඔබේ පලිගැනීම් නොවෙන්න අද ජනාධිපති වෙන්න තිබ්බේ මහින්ද. මට ඒ ගැන ලොකු වේදනාවක් තියෙනව.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

