තම නිලකාලය තුළදී ආන්දෝලනාත්මක තීන්දු තීරණ ගත් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතිය අමතමින් පැවැසීය.
"මා ත්‍රිවිධ හමුදාවට, පොලිසියට හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවටත් රාජ්‍ය සේවකයන්ටත් පුද කරනවා. ඉංග්‍රීසි පාලකයන් විින් 1818 විරුවන් රාජද්‍රෝහීන් නම් කළ විරුවන් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මම ඔවුන්ව ජාතික විරුවන් බවට පත්කළා.මම සමාජ ප්රජාතන්ත්රවාදී රාමුවක් ගොඩ නැගුවා.
ආණ්ඩුවේ ගැටුම් උග්‍ර වුණේ රටට නොගැලපෙන අන්ත ලිබරල් වාදය හා මා ගරුකරන සමාජ ප්රජාතන්ත්රවාදයත්, ස්වදේශික වාදී චින්තනය නිසයි ගැටුම්ඇතිවුණේ. රටට අවශ්‍ය ස්වදේශීය චින්තනයක් හා සමාජ ප්රජාතනත්රවාදයක්.
"මම උතුරු නැගෙනහිරට විශාල සේවයක් කළා. යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවට සේවයක් කළා. කාර්ය සාධන බලකායක් පත්කරලා ඔවුන් වෙනුවෙන් විශේෂ සේවයක් කළා.
මම ගත් තීන්දු තීරණ ආන්දෝලනාත්මකයි. සමහරු කිව්වා මම කඩුව එළියට ගත්තට පාවිච්චි කළේ නෑ කියලා. නෑ මම කඩුව භාවිත කළා. අගමැති ඉවත් කළා. නව අගමැතියෙක් පත්කළා. පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ආන්දෝලනාත්මක ගැසට් නිවේදන පහක් පළ කළා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත්තා. මාස 11ක් තුළ පොලීසියේ ගැටලු විසඳුවා. නිතිය සාමය හා ප්රජාතන්ත්රවාදයේදී අපට තිබෙන අභියෝගාත්මක කරුණු සැලකිල්ලට ගැනීම වැදගත්. බාහිර අභියෝග මැඩීමට ජාතීන් අතර සංහිදියාව ඉතා වැදගත්."