ජනපතිවරණයෙන් ජය ගන්නා අපේක්ෂකයා පත්වන ආකරය පිළිබඳව මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයෙන් 50%ක් හා එක් ඡන්දයක් ලබා ගන්නා අපේක්ෂකයා මැතිවරණය ජය ගනු ඇත.
යම් හෙයකින් කිසිම අපේක්ෂකයෙකුට 50% ප්‍රතිශතය ලබා ගැනීමට නොහැකි වුවහොත් දෙවැනි මනාපය ගණන කිරීම සදුවෙයි.
එහිදී වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් අපේක්ෂකයන් දෙදෙනා ඉවත් කර සෙසු අපෙක්ෂකයන්ට ලබා දී ඇති දෙවැනි මනාපය ගණනය කරනු ලබයි.
එහිදී වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගන්නා අපේක්ෂකයා ජය ගනු ලබයි.
යම් හෙයකින් දෙවැනි මනාපයද සමාන වුවහොත් කුසපත් ඇදීමකින් ජනපතිවරයා තෝරා ගැනීම සිදුවෙයි. (මෙහිදී බිංදුව හා අංක එක යෙදූ කුසපත් දෙකක් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වෙතට යොමුකරන අතර අංක එක ලබාගන්නා අපේක්ෂකයා ජනපති ලෙස පත්වෙනු ඇත.)