දැරණියගල, නූරියවත්තේදී පුද්ගලයන් තිදෙනෙකුට පහරදීමේ සිදුවීම සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මෙහිදී තුවාල ලැබූවන් වැඩිදුර ප්රතිකාර සඳහා කරවනැල්ල රෝහලට ඇතුළත් කර තිබේ. මෙසේ තුවාල ලබා ඇත්තේ අවුරුදු 21,36 හා 66 වයස්වල පසුවන්නන්ය.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් වන්නේ අවුරුදු 17 හා 34 යන වයස්හි පසුවන බස්නාගල, නූරිවත්තේ පදිංචිකරුවෝ වෙති.